ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වැනි ආරෝපිත අංශු හෝ අයන අධික වේගයක් දක්වා ත්වරණය කිරීම සඳහා යොදා ගනී. මෙහිදී අයන ප්‍රභවයකින් නිකුත්වන අයන , ඉස්තිතික විද්‍යුත් ක්ෂේත්රයක විභව අන්තරය හරහා යැවීමෙන් අංශු ත්වරණය කර ගනී. මේ අංශුවල ප්‍රවේගය මැනීම සඳහා පහත දැක්වෙන සමීකරණය යොදා ගනී.
m ස්කන්ධයක් හා +q ආරෝපනයක් ඇති අංශුවක ආරම්භක ප්‍රවේගය ශුන්‍ය නම් v විභව අන්තරය හරහා ත්වරණය වූ විට එහි ප්‍රවේගය 1/2/mv^2 =qv වේ.
මෙම අංශු ත්වරකයේ ඩි අංශු වලට ත්වරණය ලබාදෙන්නේ, විභව අන්ටරයකින් වෙන් වෙන සිලින්ඩරාකාර ඉලෙක්ට්‍රොඩ ශ්‍රේණියක අක්ෂය දිගේ ගමන් කමන් කරවීමට සලස්වා ඒ සෑම සිලින්ඩර දෙකක් අතර හිඩසේදී ම ත්වරණය වීමට හැකිවන අයුරින් වෝල්ටීයතාව + හෝ - වශයෙන් ප්‍රත්‍යාවර්ථ කිරීමෙනි.
උද තියෙන රූපේ බලන්න උදාහරණයක් විදියට මේ විදියට හිතන්න.
ධන ආරෝපිත අංශුවක් 1 හා 2 සිලින්ඩර වල හිස් තැනට පැමිණි විට 1 සිලින්ඩරය + ආරෝපණය වෙන්න ඕනේ. එතකොට 2 සිලින්ඩරය - ආරෝපණය වෙන්න ඕනේ. ඊට පස්සේ ඒ ධන ආරෝපිත අංශුව 2 සිලින්ඩරය හා තුන සිලින්ඩරයේ හිඩැසට ආපුවාම 2 සිලින්ඩරය ධන ආරෝපිත වෙන්න ඕනේ. එතකොට තුන සිලින්ඩරය - ආරෝපණය වෙන්න ඕනේ. මේ විදියට සිලින්ඩර වල ආරෝපණ තත්වය සැමවිටම වෙනස් වෙන්න ඕනේ. මේ සඳහා සිලින්ඩර වලට සපයන විදුලි ධාරාව ප්‍රත්‍යාවර්ථ වෙන්න ඕනේ. ඒ කිව්වේ ac කරන්ට් එකක් වෙන්න ඕනේ.
මේ විදිහට දිගින් දිගටම සිලින්ඩර හරහා මේ ආරෝපිත අංශු ගමන් කරාම ඒවාට විශාල වේගයක් හම්බවෙනවා. වේගය වැඩි කරන්නනම් දිග වැඩි කරන්න ඕනේ. දැනට ලෝකේ තියෙන දිගම රේඛිය අංශු ත්වරකය තියෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ස්ටන්ෆාර්ඩ් විශ්වවිද්‍යාලයට සම්බන්ද ස්ටන්ෆාර්ඩ් රේඛිය අංශු ත්වරකයයි (stanfard liner accelerator - SLAC) මේ අංශු තවරකය කිලෝමීටර් 3ක් දිගයි. මෙම අංශු ත්වරකය භාවිත කරන්නේ ඉලෙක්ට්‍රෝන(e-) කධම්භ හා පොසිට්‍රෝන(e+) කධම්භ ඝට්ටනය වීම සඳහායි.
0 comments:
Post a Comment