රේඛිය අංශු ත්වරක වල අංශු වලට විශාල වේගයන් ලබාදීම සඳහා ඉතාමත් දිගක් සහිත ශ්‍රේණි ගත සිලින්ඩරාකාර ඉලෙක්ට්‍රොඩ අවශ්‍ය වේ. මේ වෙනුවට වෘත්තාකාර හැඩයක් ගත්විට දිගින් දිගටම අශු ත්වරණය කල හැකි නිසා මෙන්ම එමගින් විශාල ලෙස අංශුවලට වේගයක් ලබාදිය හැක. මෙය සයික්ලොට්‍රොනයේ මුලදර්මය මෙය වේ.
මුල්ම සයික්ලොට්‍රෝනය සැලසුම් කලේ 1929 ඩි අර්නස්ට් ලෝරන්ස් නම් විද්‍යාඥයා විසිනි.
සයික්ලොට්‍රෝනය D හැඩය ඇති අර්ධ වුර්තාකාර ලෝහ කුටීර දෙකකින් සමන්විතවේ. මෙය විශාල චුම්භක ධ්‍රැව දෙකක් අතර මද පිගිටුවා ඇත.චුම්භක ක්ෂේත්‍රය මගින් ආරෝපිත අංශුවල පථය සර්පිලාකාර වීමට සලස්වයි. ඩියුටිරියම් අයන වැනි අධික ත්වරණයක් අවශ්‍ය ආරෝපිත අයන සයික්ලොට්‍රොනයේ D කුටීරයේ ලක්ෂය සිට D කුටීරය තුලට ඇතුල් වීමට සාවනු ලැබේ.දොලකයක් මගින් 100kV තරම් ප්‍රත්‍යාවර්ථ විද්‍යුත් ධාරාවක් යොදා ඇති අතර ආරෝපිත අංශු d කුටිඉරය හරහා යන සෑම විටම මෙම අධික විභව අන්තරය හේතු කර ගෙන ත්වරණයකට ලක් වේ.උදාහරණයක් ලෙස මෙසෙ 100kV හිඩැස හරහා අංශු 100 වාරයක් ගමන් කලොත් එම අංශු වලට 100 * 100 kV =10MeV පරමානයක ශක්තියක් ලබා ගනී.
මෙසේ සෑම විටම d තහඩුව අතර හිඩසේදී විභව අන්තරයට හසුවීමෙන් ත්වරණයකට වේ. එම නිසා කක්ෂයේ අරය වැඩිවේ කක්ෂය සර්පිලාකාර හැඩයක් ගනී. මෙලෙස අධික ශක්තියක් ලැබුණු පසු චුම්භක ක්ෂේත්‍රයක් උපයෝගී කරගෙන මේ අංශු d කිටිරයෙන් ඉවතට ගෙන පරේෂණ සඳහා යොදා ගනී.
මේ සයික්ලොට්‍රොන වලින් 15MeV තරමේ ශක්තියක් ලාබාදිය හැකි අතර එම ශක්තිය අල්බුනු අංශුවක් ආලෝකයේ වේගය මෙන් 1/10 ක වේගයෙන් ගමන් කරයි.
සයික්ලොට්‍රෝනයක්
0 comments:
Post a Comment