ඔන්න එහෙනම් ඈ. මං ආසම කරන භාණ්ඩයක් ගැන තමා අරගෙන ආවේ. ඔයාලත් කැමති ඇති. මේක තමා ෆ්ලෑෂ්ට බලේ හම්බුනා කියන යන්තරේ ඇත්ත කතාව.
අංශු ත්වරක යන්ත්‍රයක් යනු ??
අංශු ත්වරක යන්ත්‍රයක් යනු , ආරෝපිත අංශු විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර මගින් අධික වෙගවලට ත්වරණය කොට තනි අධි ශක්ති කදම්භයක් ලෙස පවත්වාගන්න උපකරණයක්. කෙටියෙන්ම කිව්වොත් මුලිකාන්ශු අංශු වලට ත්වරණයක් ලබාදෙන යන්ත්‍රයක් තමා මේක.
මේ අංශු ත්වරක යන්ත්‍ර වල සරල යන්තර අපේ සමහර ගෙවල් වලත් තියෙනවා. දැන් නම් හැම ග්දරම වගේ සරල අංශු ත්වරක තියෙනවා. මේ ගෙවල් වල තියෙන ත්වරකය තමයි ටීවී ටියුබ් එක (tv tube). මේවගේ සිදුවන්නේ ඉලෙක්ට්‍රෝන විදිනයකින් විදිනු ලබන ඉලෙක්ට්‍රෝන විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර මගින් ත්වරණය කොට තිරය වෙත යොමු කිරීමයි. මේ සරලම අංශු ත්වරකයක්. මිට වඩා අධික ප්‍රවේග වලට අංශු ත්වරණය කල හැකි ඉතා විශාල වූ අංශු තවරක විසිවන සියවසේ මුල් භාගයේදී පමණ ආරම්භ වුනා.
පැරණි ආකාරවල අංශු ත්වරක වල අංශු ත්වරණය කිරීම සිදු කර තිබෙන්නේ වැන්ඩි ග්‍රාෆ් ජනකායක් ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රයක් දීමෙන් හෝ නැත්නම් ප්‍රත්‍යාවර්ථ විදුලිය මගින් උපයෝගී කරගන්න කොක්රෝෆ්ට් වෝල්ටන් ක්‍රමයට සකස් කරපු වෝල්ටීයතා ගුනකයක් මගිනි 1937 ඩි පිලිප්ස් හා අයින්දිහොවන් විසින් නිර්මාණය කරන ලද අංශු ත්වරක පරමාණු බෝම්බ නිපදවීම සඳහා බෙහෙවින් උපකාරී උනා.
මෙමෙ ශක්ති තරංග අද වන විට පර්යේක්ෂණ සඳහා බෙහෙවින් භාවිතා වෙනවා. දැනට ලෝක යේ අධි ශක්ති අංශු ත්වරක 26000 පමණ තියෙනවා. මේවගෙන් කිහිපයක් 1GeV (giga electron volt) තරමේ අධික ශක්ස්තියකට අංශු ත්වරණය කල හැකි ඒවා වේ. තව 11000 විකිසන ප්‍රතිකාර සඳහාත් 10000 විවිද ද්‍රව්‍ය තුලට වෙනත් යන ඇතුල් කර මුල් ද්‍රව්‍යයේ භාව්තික ගුණ වෙනස් කිරීම සඳහාත්, 2000 කාර්මික ක්ෂේත්‍රයේ පර්යේෂණ සඳහා යොදාගනු ලැබේ.
අංශු ත්වරක යන්තර ආකාර කිහිපයක් තියෙනවා.
රේඛිය අංශු ත්වරක
සයිලොට්‍රෝනය
බීටා ට්‍රෝනය
සින්ක්රෝට්‍රෝනය
මුලිකාන්ශු පිලිබඳ පර්යේෂණ සඳහා මේ අංශු ත්වරක බහුලව යොදාගන්නවා.මෙමගින් විශ්වයේ ආරම්භය තේරුම් ගැනීම. ප්රෝට්‍රොන හා නියුට්‍රෝන සෑදී ඇති බව විශ්වාස කරන එහෙත් තවමත් ප්‍රායෝගිකව සොයාගෙන නැති ක්වාර්ක් (quark) අංශු පිළිබඳව පර්යේෂණ සඳහා වැදගත්වෙනවා. මේ සම්බන්ධව සිදුකරන පර්යේෂණ සඳහා ඉලෙක්ට්‍රෝන , පොසිට්‍රෝන , ප්‍රෝටෝන, හා ප්‍රති ප්‍රෝටෝන , ආදී මුලික අංශු, අධි ශක්ස්ති කදම්භ බවට පත් කර හයිඩ්‍රජන් ඩියුටිරියම් වැනි සැහැල්ලු න්‍යෂ්ටි වලට ඝට්ටනය වීමට සැලැස්විය යුතුයිm මේ සඳහා GeV සියගනනකටත් වඩා වැඩිවූ ශක්තියක් ලබාදිය යුතු අංශු ත්වරක නිර්මාණය කල යුතුයි. මේ සඳහා අධික මුදලක් මුද්හලක් අවශ්‍ය වෙනවා. මෙම අධි ශක්ති අංශු ත්වරක මගින් පරමාණු න්‍යෂ්ටි වල භව්තික ගුණ, තාක්ෂණික වශයෙන් වැදගත්වූ විවිධ ගනද්‍රව්‍ය වලට ආවේනික වූ සුවිශේෂී භව්තික ගුනද අද්‍යනය කරන්න පුළුවන්
එහෙනම් අදට මේ ඇති. අනිත් අංශු ත්වරක ගැන ඉදිරි ලිපි වලින් කතා කරමු.
- Blogger Comment
Subscribe to:
Post Comments
(
Atom
)
ලිපි පෙළගැස්ම
-
▼
2015
(91)
-
▼
August
(40)
- පොස්ට් share කරලා සල්ලි හොයන්න
- සයික්ලොට්‍රෝනය -cyclotron
- මුලික බල
- නියුට්රිනෝ neutrino
- රේඛිය අංශු ත්වරක -liner particle accelerator
- අංශු ත්වරකය - particle accelerators
- අධි බලති සැහැල්ලු ලේසර් අවි
- who am i
- battlefield 1942
- direct X තාක්ෂනය
- android අලුත්ම මෙහෙයුම් පද්ධතිය
- කළු කුහර
- android sdk - android ඇප්ස් හදන software එක
- HAWKEN FULL GAME
- ඉසුරුමුණියේ තාරකා දොරටුව... පොඩ්ඩාගේ අදහස්
- රාවන රජතුමා හා තාරකා දොරටු... පොඩ්ඩාගේ අදහස්
- කාලය හරහා යන්න පුලුවන්ද ???? පොඩ්ඩාගේ අදහස්
- Battlefield Hardline free download
- CYNDICATE පට්ට PC GAME එකක්
- android ෆෝන් වලට එල ගේම් එකක්
- දියවන්නාවේ බක බක ගානා ගෙම්බෝ ගොඩයි
- වේගෙන් ෆයිල් කොපි කරන්න software මෙන්න
- John The Ripper
- RPG
- Python සිංහලෙන්
- adobe photo shop cc with crack
- කාලි ලිනක්ස් - kali linux
- adobe audition cs6 with crack
- Sylenth 1
- adobe after effect cs6 free full setup
- සෙබළුන්ගේ අධි තාක්ෂණික උපකරණ
- ගිනිපෙට්ටි කැමරාවක් හදමු
- GPS`වැඩ කරන විදිය.
- ඊ බෝම්බ E BOMB
- 2020 දී අඟහරු වෙත යන රෝවරය
- සැතපුම් 2.5 ක වල්ගාතරුවක් සැප්තැම්බර් 15-28, 2015 ...
- හඳේ පිටසක්වලයන් ඉන්නවාද??
- ටාඕස් හි අබිරහස් ශබ්ද (වීඩියෝ සමග)
- සායම් ගාලා මායම් දාලා
- android වලට ඔයාලා කැමති විදියට ringtone හදන්න පුළු...
-
▼
August
(40)
0 comments:
Post a Comment