app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

230v VS 110v



ටිකක් වෙනස් මාතෘකාවක් ගැන තමා අද කතා කරන්න යන්නේ.

දියුණු රටවල නිවාස වලට සපයන ධාරාව වෝල්ට් 110 වීමටත් අපේ රටේ 230 වීමටත් හේතුව කුමක්ද??

බැලූ බැල්මට හිතෙනවා නේද අපේ රට අරගෙන තියෙන්නේ හෙන මෝඩ තීරණයක් කියලා. ජපානය චීනය වගේ දියුණු රටවල් වලට දෙන්නේ 110. අපිටත් 110 දුන්නනම් හැමපලාතටම විදුලි බලය ලබාදෙන්න පුළුවන් කියල හිතෙනවා නේද ??

ඇත්තටම මේක මටත් හිතුන දෙයක් එත් ටිකක් හොයාගෙන යද්දී තමා තේරුනේ අපේ රටට 230 දීල තියෙන්නේ ඇයි කියලා

දියුණු රටවල 110 දීල තියෙන්නේ ජිවිත හානි ඒ කියන්නේ විදුලිසර වැදීමෙන් ස්දුවන ජිවිත හානි වැලැක්වීම සඳහායි.

ඉතින් ඇයි එක අපේ රටට කරලා නැත්තේ කියල හිතෙනවා නේද එකට හේතුව ,

110 ධාරාව සපයන්න නම් ඉතාමත් අධික පිරිවැයක් දරන්නට සිදුවෙනවා. මොකද වෝල්ටීයතාව අඩුකොරන කොට ධාරාව වැඩි වෙන නිසා. මේ හේතුවෙන් අපිට මහත කම්බි සහිත වයර් භාවිතා කරන්න සිදුවෙනවා.ඒවගේම වැඩි ධාරාවක් ගලා යන කොට පරිනාමකයේ සිට (transformer) වැඩි දුරකට ධාරාව විදුලිය සපයන්න බැහැ. එනිසා ලඟින් ළඟ පරිනාමක සවි කරන්න සිදුවෙනවා.

මේ ක්‍රියාවලි දෙකටම විශාල පිරිවැයක් යනවා. ඒ හින්දා තමා අපේ රට වැනි දියුණු වෙමින් පවතින රටවල් වෝල්ට් 230 භාවිතා කරන්නේ.
SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

3 comments:

  1. හොදයි හොදයි මලයා... තව ඒවා දාපන්.. වැදගත් බන්.... නොදන්නා ඒවානේ...

    ReplyDelete
    Replies
    1. ඉස්තුතියි අයියේ

      Delete
    2. ඉස්තුතියි අයියේ

      Delete