app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

android අලුත්ම මෙහෙයුම් පද්ධතිය

android මෙහෙයුම් පද්දතියේ මීළඟ සංස්කරණය android m වේ. m යනුවෙන් හැඳින්වෙන්නේ marshmallow
ලෙසයි. මෙමෙඅ සංකරණය 6.0 වේ.

android app permission

මේක භාවිතා කරලා අපිට අපි ඉන්ස්ටෝල් කරන app වලට අලුත් පෙනුමක් දෙන්න පුළුවන් ඒවගේම තොරතුරු හුවමාරු කරගන්න app වල සියලුම තොරතුරු භාවිත කරන කෙනාට ලැබෙනවා. මේ හින්දා අපිට කැමති app විතරක් රන් කරන්න පුළුවන්. ඒවගේම අපිට හොරා app වලට අපේ ඩේටා ගන්න බා. ඒක අපිට හොඳ ආරක්ෂාවක් ලැබෙනවා.



android finger print support

මේකෙන් පුළුවන් අපේ ෆෝන් එක ලොක් එක විදියට අපේ ඇඟිලි සලකුණ දෙන්න. ඒවගේම අන්තර්ජාලය හරහා කරන ගනුදෙනු වලදී ඒ බව තහවුරු කරගන්නත් පුළුවන්. එමෙන්ම app ස්ටෝර්  එකෙන් app ගැනීමේදී එබැව මේකෙන් තහවුරු කරන්න පුළුවන්. මේක password වලට වඩා හොඳ ආරක්ෂක උපක්‍රමයක්. මේ පහසුකමත් android m සමග තියෙනවා.


app link

මොබයිල් උපාංගයේ ඇති ටෙක්ස්ට් එකක හෝ වෙන තැනක තියෙන වෙබ් ලින්ක් එකක් විවුර්ත කල යුත්තේ එම ලින්ක් එකට අදාළ app එක හරහාද නැත්නම් වෙබ් බ්‍රව්සරේ හරහාද යනුවෙන් තෝරාගැනීමට android m සමග හැකියාව ලැබේ. මෙම තෝරා ගැනීම සාමාන්‍ය පරිගණක වල ඇති open with යන්නට සමාන වේ.



බැටරි බලය

android මෙහෙයුම් ප්පද්ධතියේ නවතම සංස්කරණයෙන් බැටරි බලය අපතේ යන කිසිදු ක්‍රියාවකට සහය දක්වන්නේ නැත. එම නිසා වැඩි ආයු කාලයක් බැටරියට ලැබේ. එය කර තිබෙන්නේ ඕනෑවට වඩා බැටරිය භාවිතා කරන කේත කොටස්  සහිත app ක්‍රියාත්මක වීම් වළකාලමින් ය.

usb c

මෙමගින් තවත් උපාංගයක් චාර්ජ් කිරීමේ හැකියාව android දුරකතනයට ලබා දෙයි. එමගින් ඕනෑම මොබයිල් උපාංගයක බැටරි චාර්ජ් කරගත හැක. පවර් බෑන්ක් එකක ක්‍රියාවට මෙය සමාන කල හැකිය.


තව බොහෝ දේ මෙහි අඩංගුය. ඒ පිළිබඳව කෙටි සටහනක් පහත ඇත.

android auto backup මෙමගින් android උපාංගයේ ඇති තොරතුරු backup වශයෙන් තබාගත හැක ඒ සඳහා google drive තුල 25 gb ඉඩක් ලබා දේ.නිරන්තරයෙන් මේ දත්ත encrypt වේ .




ram manager

app වල උපරිම හා සාමාන්‍ය භාවිතය මේ පහසුකමෙන් පෙන්වයි.මේ පහසුකම උපකාර කරගෙන වැඩිපුර ram මතකය භාවිතා කරන app නවතා දැමිය හැක. එමගින් බැටරි බලය ඉතුරු කරගත හැක.

android adoptable storage devices

මෙමගින් අපිට අපේ උපාංගයේ මතක ධාරිතාව වැඩි කරගත හැක. එමගින් අප භාවිතා කරන app මෙමරි කාර්ඩ් එකට පෙන් drive එකට තැම්පත් කල හැක

තවත් තොරතුරු

android මෙහෙයුම් පද්ධතිය ලිනක්ස් කර්නල් එක භාවිතා කර තියෙනවා. xml ජාවා c c++ යන ක්‍රමලේකන භාෂා උපයෝගී කරගෙන තියෙනවා. සියලුම කේත ප්‍රමාණය එක්කෝටි විසිලක්ෂයක් පමණ වෙනවා.. xml කේත පේලි ලක්ෂ 30 වේ. c කේත පේලි ලක්ෂ 28ක් වේ. ජාවා කේත පේලි ලක්ෂ 21ක් වේ. c++ ලක්ෂ 17.5 වේ.

දැනට නිකුත් වී ඇති android මෙහෙයුම් පද්ධති,
 cupcake, donut, eclair, froyo, ginger bred, honeykomb ice cream sandwich, jellybean, kitkat, lollipop, Marshmallow



තොරතුරු විජය සඟරාව

SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

0 comments:

Post a Comment

ලිපි පෙළගැස්ම