app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

KBG රුසියානු ඔත්තු සේවයේ මෙහෙයුම් කිහිපයක්

ගොඩාක් කාලෙකින් තම පොස්ට් එකක් දාන්න වුනේ

kbg කියන්නේ රුසියාවේ ඔත්තු සේවයට. ඒ ඔත්තු සේවයෙන් කරපු මෙහෙයුම් වලින් කිහිපයක් තම අද මන් කියන්න යන්නේ



ඇමරිකාවට කල පහර දීම්


1952-19722 යන කාල වකවානුව තුල ඇමරිකාවේ විදුලි බලාගාර වල වේලි වල සහ තෙල් නල වල චායාරුප රහසේම ලබාගනිමින් ඔවුන් සැලුම් කලේ නිව්යෝක් නුවර විදුලිබල සැපයුම සම්පුර්ණයෙන්ම කඩාකප්පල් කිරීමටය. එම බලාගාර පිහිටි ස්ථාන හා තෙල් නල ගමන් කරන ස්ථානවල අඩු ආරක්ෂාවක් ඇති තැන බලා ඔවුන් පදිංචි වුයේ පහර දීම සඳහාය. මෙවැනි අඩු ආරක්ෂාවක් සහිත පෙන්සිල්වේනියාවේ හරිස්බර්ග්ය . මේවා ඇමරිකාවේ වැඩිපුරම විදුලිය නිපදවන බලාගාර වල වේලි දෙකක් විය.හන්ග්රිහොස් සහ ෆ්ලැට්හෙඩ් යන නම් වලින් මේ වේලි දෙක හඳුන්වන ලදී. මෙම ප්‍රහාරය සිදුවුයේ හන්ග්රිහොස් වේල්ලට කිලෝමීටර 3ක් එපිටිනි

එසේම කැනඩාව හා එක්සත් ජනපදය අතර තෙල් හුවමාරු වෙන නල වලට ප්‍රහාර එල්ල කිරීමට දශකයක් පුර ඔවුන් සැලසුම් කළේය මෙම ප්‍රහාර වලින් පසු ලැබුන ඉඩ ප්‍රස්තාවෙන් ඔවුන් ඇමරිකානු වරායකට පුපුරන ද්‍රව්‍ය සවි කළේය.

kbg හැකර් කරුවන්  අමර්කාවේ හමුදා පරිගණක 400කට පහර දීම

1980 දි කේජිබි විසින් එක්සත් ජනපද හමුදාවේ රහස් එවකට පැවති අන්තර්ජාල ක්‍රමවේදයන් වු ARPANET හා MILNET මගින් සිදුකිරිමටපෙලඹුණි.ඒ සදහා ඔවුන් මාකස් හෙස් නම් පුද්ගලයෙකු බදවාගත් අතර ඔහු නොබෝ දිනකින් සෝවියට් ඔත්තුකරුවකු පමණක් නොව ඉතිහාසගත හැකර්කරුවෙකුද බවට පත්විය. හෙස් තම හැක් කිරිමේ මෙහෙයුම ඇරඹුවේ ඇමරිකානු යුදමය පරිගණක වලට ඉතා ඈතින්පිහිටි ජර්මනියේ සිටය.එහි සිට ඇමරිකානු පරිගණක 400කට ඇතුළු වීමට ඔහු සමත් විය.එම  පරිගණක විවිධ කටයුතු සදහා යොදාගෙනතිබිණ.ඔහු පෙන්ටගනය සදහා තිබු පරිගණකයේ මුරපදය අනුමාන කිරිමට සමත් වු අතර හමුදාවේ ප්‍රධාන ලිපිගොනු කිහිපයකට ඇතුළු වීමට ඔහු සමත් විය. හෙස්ගේ මෙම ක්‍රියාකාරකම සොයා ගැනීමට නොහැකි වු නමුත් ඇමරිකානු පද්ධති පරිපාලක හා තාරකා විද්‍යඥයෙකු වු ක්ලිෆර්ඩ් ස්ට්‍රොල් විසින් කැලිෆෝනියා පරිගණක විද්‍යගාරයේ සිදුවු ඉතා සියුම් ගිණුම්කරන දෝෂයක් නිවැරදි කරමින් සිටියේය.ලෝරන්ස් බර්කලි විද්‍යාගාරයේ සිදුවු භාවිතයේ දෝෂය පිලිබද ඔහු පර්යේෂණයක් සිදු කලේය.ඔහුගේ මෙම පර්යේෂණ වලට අනුව එම විද්‍යගාරයපරිගණකයකට අනවසරයෙන් තත්පර 9ක කාලයක් තුල මුදල් ගෙවීමකින් තොරව පුද්ගලයෙකු ඇතුල් වී ඇති බව සොයා ගන්නා ලදි.තවදුරටත් ඔහු විසින් අනාවරණය කරගනු ලැබුවේ ඇඩිමිනිස්ට්‍රේටර් බලතල අනුව සුවිශේෂි පරිශිලක ගිනුමට ඇතුල් වී ඇත්තේ පරිගණක ද්ධතියේ වු සියුම් හිඩැසකින් බව අනාවරණය විය

මේ පිලිබදව මාස 10ක අධ්‍යනයක් සිදුකල ස්ට්‍රොල් විසින් මේ පිලිබදව හොදින් අධ්‍යනය කලේය.වර්ජිනියාහි ආරක්ෂක ගිවිසුම්ගත පරිගණකයට ඇතුල් වීමේදි හැකර්කරු විසින් සිදුකල සියළු දෑ පටිගත කිරිමට ස්ට්‍රොල් සමත් විය.ඔහු එක්සත් ජනපද හමුදාවේ න්‍යෂ්ටික ආයුධ පිලිබද තොරතුරු සොයන බව අනාවරණය කර ගැනීමට ස්ට්‍රොල්ට හැකිවිය. ඔහු වහාම එක්සත් ජනපද හමුදා බලධාරින් දැනුවත් කල අතර  CIA, NSA සහ FBI එක්ව හැකර්කරු අනාවරණය කර ගැනීමට සමත් වුයේ සුවිශේෂි ක්‍රමවේදයක් අනුගමනය කරමිනි.ඒ හැකර්කරුට අනාවරණය වන ලෙස ව්‍යජ පරිගණක විද්‍යගාරයක් සකස් කලේ එය එක්සත් ජනපද යුදමය කටයුතු වලට සම්බන්ධ බවඅගවමිනි.එමගින් ජර්මනියේ සිට මෙම ව්‍යජ පරිගණක පද්ධතියට ඇතුල් වු හැකර්කරු හදුනා ගැනීමට ඔවුන් සමත් විය. එක්සත් ජනපදයට වැඩකරමින් ජර්මනියේ සිටි ජර්මානු බලධාරින් විසින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලද අතර ඔහුට කේජිබී හා තිබු සබදතාවය අනාවරණය කර ගැනින.පසුව ඔහු වසර 3කට සිරගත කෙරින.

RYAN මෙහෙයුම

1980 වසරේදි සීතල යුද්ධයක් පැවති සමයේදි යුඑස්එස්ආර්හි නායකයාව සිටි ලියෝනිඩ් බ්රෙස්නේෆ් විසින් සෝවියට් සමුහයට න්‍යෂ්ටිකප්‍රහාරයක් එල්ල කිරිමට පිඹුරුපත් සකස් කරමින් සිටියේය.මේ සදහා සුදානම් විමට කේජිබි විසින් RYAN මෙහෙයුම අරඹන ලදි. RYANමෙහෙයුමේ අරමුණ වුයේ එක්සත් ජනපද න්‍යෂ්ටික මෙහෙයුම් පිලිබද සෝවියටය දැනුවත් කිරිමයි.මෙහි සැලැස්ම වුයේ එක්සත් ජනපද චන්ද්‍රිකා තොරතුරු අනාවරණය කර ගැනීමයි.එක්සත් ජනපද න්‍යෂ්ටික ආයුධ සහිත හමුදා කදවුරු වල ඡායාරූප කේජිබි හට අවශ්‍යව තිබින. මේ මෙහෙයුම මගින් ඇමරිකානු රේඩාර් පද්ධතිය මගින් තොරතුරු අනාවරණය කර ගනිමින් ඇමරිකානු න්‍යෂ්ටික මෙහෙයුමකට සුදානම් වන තොරතුරු ලබා ගැනින.මෙහිදි  NATO පිලිබදවද දැඩි සෝදිසියකින් සිටි කේජිබි විසින් ඇමරිකාව හා යුරෝපය අතර දුරකථන සංවාද තොරතුරු ලබා ගැනින.

SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

0 comments:

Post a Comment