app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

Tachyon Particle ටැකියොන් අංශු


ෆ්ලෑෂ් බලපු අයටනම් මේ ගැන මතක ඇති. මේ දවස් ටිකේම ෆ්ල්ෂ් එකේ වැඩිපුර කතා වුන මේ කියන ටැකියොන් අංශු ගැන. ඩොක්ට වේල්ස් මැරිලා හිටපු තැනෙනුත් කාල කුටිය තිබුණු තැනෙනුත් මේවා හොයා ගන්න සිස්කොට පුළුවන් උනානේ.  බලමු මොනාද මේ අංශු වර්ගේ කියලා. බර ඉංග්‍රීසියෙන් තිබ්බ එකක් බොහොම අමාරුවෙන් ට්‍රාන්ස්ලේට් කරලා අරගෙන තමා මේ කියන්නේ වැරදි අඩුපාඩු ගොඩක් ඇති එත් දල අදහසක් ගන්න පුළුවන් වෙයි.

ටැකියොන් අංශු කියන්නේ ආලෝකයේ වේගයට වඩා වදිවෙගයෙන් ගමන් කරන්න පුළුවන් අංශුවක්. :)
මේ අනම වැටිලා තියෙන්නේ ග්‍රීක භාෂාවෙන්. ග්‍රීක භාෂාවෙන් ටැකි කියන්නේ ශ්‍රීග්‍ර, ඉක්මන් කියන අදහස. මේ අදහසින් තමා මේ අංශුවට ටකියොන් අංශුව කියලා කියන්නේ.

විකිපීඩියාවේ මේ අංශුවට දීල තියෙන රූපේ තමා මේ 

ඇත්තටම මේ අංශුව තාම හොයාගෙන තියෙන අංශුවක් නෙමේ. මේක තාමත් ඇතියි කියල හිතන ඒ කියන්නේ උපකල්පිත න්‍යායාත්මක අංශුවක් විතරයි.

හුඟක් විද්‍යාඥයන් හිතනවා මේ විදිහට අංශුවක් පවතින්න බැහැ කියලා. මොකද අපි දන්නා භව්තික විද්‍යා නීති වලට අනුකුල නොවන නිසා. මෙහෙම ආලෝකයේ වේගයෙන් පදාර්තවලට ගමන් කිරීමට නොහැකි කියලා මන් දන්නා එක කරුණක් තියෙනවා. ඒ තමා ඕනෙම පදාර්ථයක් ආලෝකයේ වේගය ගන්න විට ඒ පදාර්ථය තංගමය ආකාරයක් ගන්නවා.  ඒ කිව්වේ මොකක්හරි වස්තුවක් ආලෝකයේ වේගයෙන් ගමන් කරනවානම් එ වස්තුව ගමන් කරන්නේ පදාර්ථයක් විදිහට නෙමේ තරංගයක් විදිහට. හරියට නිකන් ආලෝකය වගේ.

තවත් පැහැදිලි කරනවානම් මෙහෙම හිතන්න. කාර් එකක් යනවා ආලෝකයේ වේගයෙන්. එතකොට කාර් එක ගමන් කරන්නේ කාර් එක විදිහට නෙමේ තරඟයක් විදියට. එකියන්නේ ආලෝක තරංග අන්වායාම තරංග අන්න එවිදිහට තරන්ගමය ස්වරුපයෙන් තම ගමන් කරන්නේ.

නමුත් ඇත්තටම මෙම විදිහට අංශුවක් නිර්මාණය කිරීමට හැකි උනොත් අපේ විද්‍යාවේ විශාල වෙනසක් සිදුවෙනවා. වේගවත්ව ප්‍රවාහන මාධ්‍ය ඇතිවෙනවා එහෙම වුනොත් තාරකා අතර ඇති දුව අවම වෙනවා විෂය වෙත යන්නට මගක් අපට හම්බෙනවා

හිතන්න ආලෝකයේ වේගයටත් වැඩ වැඩි වේගයෙන් යන යානයක් නිපදවුවොත්, එවිට අපිට වෙනත් ග්‍රහලෝක වලට යාම පහසුවෙනවා. දැනට තියෙන තාක්ෂණයෙන් අඟහරු වෙත අවරුදු 2 1/2 කින් ගමන් කරන්න පුළුවන් නම් හිතන්න ආලෝක වර්ෂ 4ක් අතින් තියෙන ග්‍රහලෝකෙකට අපිට අවරුදු හතරක් වය කරලා යන්න පුළුවන් අපිට අවශ්‍ය වෙන්නේ වේගය පමණයි. ඒ ආලෝකයේ වේගයෙන් ගියොත් එහෙත් ඊටත් වැඩි වේගයෙන් ගමන් කලොත් ඊටත් අඩු කාලයකින් අපිට ගමන් කරන්නට හැකි වෙනවා. මෙය එක්තරා විදිහක කාලය හරහා ගමන් කිරීමක්ද වෙනවා (අනාගතයට )

මේ අංශුව ගැන තවත් තොරතුරු ටිකක් අරගෙන පස්සේ දවසක එන්නම් අඩු පාඩු පෙන්නලා දෙන්න
SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

0 comments:

Post a Comment