app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

හඳුනා නොගත් පියාසර වස්තු වර්ගීකරණය ( UFO classification system )


හඳුනා නොගත් පියාසර වස්තු නොහොත් ufo ප්‍රධාන වශයෙන් වර්ගීකරණ දෙකක් යටතේ වර්ග කරනවා. ඒ වර්ග දෙක තුල තවත් උප වර්ග ගණනාවක් තියෙනවා. මේ වර්ගීකරණ දෙක ඉදිරිපත් කරලා තියෙන්නේ ඇලන් හයිකෙන් හා ජකියුස් වැලී නම් දෙදෙනා විසිනුයි.

ඇලන් හයිනෙක් ගේ වර්ගීකරණය :-

හඳුනා නොගත් පියාසර වස්තු පිළිබඳව සමීකරණ රාශියක් හඳුනාවදුන් විද්වතෙකි.මොහු මේ වර්ගීකරණය ඉදිරිපත් කර ඇත්තේ ufo දර්ශනය වෙන ආකාරය අනුවය. මෙම වර්ගීකරණය උප වර්ගීකරණ 4කත බෙදා ඇත.

1. රාත්‍රී කාලයේ දර්ශන වීම්
2.දහවල් කාලයේ දර්ශනවීම්
3.රේඩාර් තරංග වලට හසුවීම.
4.ආසන්න හමුවීම

1.රාත්‍රී කාලයේ දර්ශනය වීම්

මේ කාණ්ඩයට  අයත් වෙන්නේ රාත්‍රී අහසේ වම ආකාරයකින් හඳුනා නොගත් ආලෝකයක් හෝ ආලෝක නිකුත් කරනු ලබන යම් වස්තුවක් වේ.
ufo දර්ශනය වීම් වලින් 80%පමණ වාර්තා වී ඇත්තේ එම නිසා එය පදනම් කරගෙන මේ වර්ගීකරණය නිර්මාණය වී ඇත. එසේම මේ කාණ්ඩයට තාරකා වල්ගාතරු උල්කාපාත් ධුමකේතු චන්ද්‍රිකා වැනි හඳුනා ගත් වස්තුවල ආලෝකයන් අදාළ වෙන්නේ නෑ.

2.දහවල් කාලයේ දර්ශනය වීම්

පැහැදිලි අහසක් ඇති දහවල් කාලයේ අහසේ දක්නට ලැබෙන උෆෝ මේ කාණ්ඩයට අයත් වෙනවා.මේ දර්ශනය වීම් තවත් උප කාණ්ඩ කිහිපයකට වෙන් කරනවා. පහතුන් දැක්වෙන්නේ ඒ වර්ගීකරණ.

1 කවපෙත්ත හැඩය.
2ඕවලාකාර හැඩය
3කේතු ආකාරය
4 සිගරට්ටුවක ආකාරය
5 බිත්තරයක හැඩය
6 දියමන්තියක හැඩය
7 භුමරන්ගයක හැඩය
8 ත්‍රිකෝණාකාර හැඩය
9 ඝනකාභයක හැඩය
10 ගෝලාකාර හැඩය
11 සිලින්ඩරාකාර හැඩය
12 දම්බලාකාර හැඩය

ඉතුරු වර්ගීකරණ දෙක ගැන හෙට කතා කරමු
SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

0 comments:

Post a Comment