app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

ඇමරිකානු හමුදාවේ ඩ්‍රෝන යානා

ඇමරිකන් ගුවන් හමුදාව සංවර්ධනය කරල තියෙනවා, මිනිසුන් රහිත නව ඩ්‍රෝන යානා විශේෂයක්. ඒවා අනාගත යුද ගුවන් තලය මහා පෙරළියකට ලක් කරනවා සිකුරුයි. දෙබරුන් රංචු මෙන් අහසට මුදා හැරිය හැකි ඒවාට ගුවනේ පියාසර කරමින් එක තැන රැඳී ඉන්නත්,මකුළුවන් මෙන් බඩ ගාන්නත්, රහසින් ඕනෑම පුංචි ඉඩකින් රිංගා සතුරා සොයා ගොස් මාරක ප‍්‍රහාරයක් එල්ල කර සතුරා සැණෙකින් විනාශ කරන්නත් පුළුවන්. ඇමරිකන් ගුවන් හමුදාවේ ගුවන් වාහන පර්යේෂණ අංශය ඔවුන්ගේ මේ නව නිපැයුමේ අනාගත ප‍්‍රවණතා පැහැදිලි කිරීමට පරිගණකයෙන් සජීවීකරණය කළ වීඩියෝවක් නිකුත් කරල තියෙනවා. දුරස්ථව තරංග මගින් පාලනය කළ හැකි මේ පුංචි ස්වයංකී‍්‍රය ගුවන්යානා ඔවුන් විසින් හඳුන්වා ඇත්තේ මයික්‍රො එයාර් වෙහිකල්ස් (MAVs) හෙවත් ක්ෂුද්‍ර ගුවන් යානා කියායි.

මිනිසුන් රහිත ඔත්තු පරීක්ෂක ඩ්‍රෝන යානාවල අනාගතය සැදෙන්නේ මේ ක්ෂුද්‍ර ගුවන් යානාවලින්. අහසේ රහසින් පියාසර කළ හැකි, එක තැනරැඳී සිටිය හැකි රෑ සමනළයකුට සමාන ක්ෂුද්‍ර ගුවන් යානයක් ඇමරිකන් ගුවන් හමුදාව දැන් නිපදවා තියෙනවා. මේ ඒ සම්බන්ධව තැනූ මෙම නව නිෂ්පාදන ව්‍යාපෘතිය කි‍්‍රයාවට නැංවෙන්නේ ඔහියෝවල ඬේටෝන්හී රයිට්-පැටර්සන් ගුවන් හමුදා කඳවුරේදියි.

මේ තොරතුරුහෙළිදරවු වුණේ ‘නැෂනල් ජ්‍යොග‍්‍රෆික්’ සඟරාවේ පළ වූ ලිපියකින්. ගුවන් හමුදාව කියනවා, ඔවුන් දැනටමත් මේ යානාවක කි‍්‍රයා කරනආකෘතියක් තනා ඇති බව. දැනට ඒ සඳහා විශාල විදුලි බලයක් වැය වන නිසා එය කි‍්‍රයාත්මක කළ හැක්කේ මිනිත්තු කීපයක් පමණයි. එහි පර්යේෂකයන් කියන්නේ මේ ආකෘතිය හොඳින් වැඩි වේලාවක් ගුවනේ කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය බැටරි තාක්ෂණය දියුණු කිරීම සඳහා තවත් වසර කීපයක් ගත විය හැකි බවයි.  මේ වැඩසටහන ඉක්මනින් මල්ඵල ගැන්වීමට හැකි වෙතැයි ගුවන් හමුදාව බලාපොරොත්තුවෙනවා. ඔවුන්ගේ ප‍්‍රචාරක වීඩියෝව ආරම්භ වන්නේ මේ කුඩා ඩ්‍රෝන යානා පොකුරක් අහස් යානයකින් මුදා හරින අයුරුපෙන්වමින්.  ඒ කුඩා ඩ්‍රෝන රංචුව ඉහළ අහසේ එකට පෙළ ගැසෙමින් එහි ඇති කැමරා යොදා ගෙන පහළ ඇති යුදපිටියේ සමස්ත රූපය තනි විශාල පින්තුරයක් ලෙස පහළ ඇති පාලක මැදිරියකට ලබා දෙනවා. ‘මේ දත්ත එම යානාවලින් එසැණ ලබා දෙන නිසා සමස්ත පින්තූරය දෙස බලා පාලක මැදිරියේ ඉන්නා අයට අවශ්‍ය තීරණ ගැනීමට මග සලසා දෙනවා පමණක් නොව යුද බිමේ වෙනත් තැනකඉන්නා අයකුට ද සතුරාට මුහුණදීමට හොඳින් සූදානම් වීමට මග පෙන්වා දෙනවා.’ ගුවන් හමුදාව කියනවා.වීඩියෝවෙන්.

ගුවන්යානයකින් අහසේ දී මේ ක්ෂුද්‍ර ඩ්‍රෝන යානා මුදා හළ විට ඒවාට කෘමීන් මෙන් තටු සලා පියාසර කළ හැකියි. ගුවන් යානයක් සේ පියාසර නො කර මෙසේ තටු සැලීම නිසා ඒවා තටු සලමින් එක තැන රැඳී ඉන්නත් පුළුවන්.  අහසේ රහසින් පියාසර කළ හැකි, එක තැන රැඳී සිටිය හැකි රෑ සමනළයකුට සමාන ක්ෂුද්‍ර ගුවන් යානයක් ඇමරිකන් ගුවන් හමුදාව දැන් නිපදවා තියෙනවා. ‘නැෂනල් ජ්‍යොග‍්‍රෆික් සඟරාව කියන විදියට එයට තත්පරයකට 30ක වේගයකින් තටු සලන්න පුළුවන්. ඒත් තවමත් වැඩි වේලාවක් පාවිච්චි කළ හැකි බැටරියක් තනා නැති නිසා මිනිත්තු කීපයක් විතරයි, දැනට අහසේ රැඳී සිටන්නට පුළුවන් කම ඇත්තේ. පරවියකු මෙන් තැනු ක්ෂුද්‍ර ඩ්‍රෝන යානයක් විදුලි රැහැනක් මත හිඳ සිය කැමරාවෙන් අවට ඡායාරූප ගන්නා අයුරු වීඩියෝවෙන් දැක් වුණා. ගුවන් හමුදා දැන් තාක්ෂණික ක‍්‍රමවේදයන් සකසමින් යනවා, මගතොට ඇති විදුලි රැහැන්වලින් විදුලි බලය ලබා ගනිමින් දින ගණන් සති ගණන් කි‍්‍රයාත්මක විය හැකි ඒවා තනන්නට. ගුවන් හමුදාවේ වීඩියෝවෙන්  පෙන්වනවා, ක්ෂුද්‍ර ඩ්‍රෝන යානයක් අධික ජනගහනයක් ඇති නගරයකට ඉහළ අහසේ සිට ඉලක්කයකට යනවා. මෙහි ඇති අති දියුණු සංවේදක මගින් මාර්ගය හඳුනා ගෙන ලබා දෙන දර්ශනය අනුව, දුරස්ථව මෙවා හසුරුවන නියමුවන්ට ඒවා බාධක ඇති තැනකින් වුවත් යාමට සැලැස්විය හැකියි. ගොඩනැගිලි තුළට හා ආවරණය වුණු තැන්වලට යන්නට චන්ද්‍රිකා තාක්ෂණයෙන් බැහැ.











SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

0 comments:

Post a Comment