app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

ස්මාර්ට් ෆෝන් ද නැත්තන් නොර්මල් ෆෝන් ද ??


කොහොමද යාලුවනේ කාලෙකට පස්සේ තම මේ පොස්ට් එකක් දාන්නේ මාතෘකාව දැක්කනේ මොකද හිතෙන්නේ මේ ගැන

පර්යේෂකයෝ හොයාගෙන තියෙනවා අපි දැන් භාවිත කරන ස්මාර්ට් ෆෝන් වලට වැඩ පරණ ෆෝන් ඒ කිව්වේ ඔය 1100 1280 වගේ 2g ෆෝන් භාවිතයට හොඳයි කියල ..

ඇහුවමත් පුදුමයි නේද හැබැයි මේක මේ විදිහට බලපාන්නේ තැන කිහිපයකදී විතරයි.

දුරකතනයේ ප්‍රධාන කාර්යය ඇමතුම් ගැනීමනේ. ඉතින් ඔයාලට හොඳට අත්දැකීම් ඇතිනේ අපි තියාගෙන ඉන්න ස්මාර්ට් ෆෝන් වලින් සිග්නල් අඩු පැත්තට ගියාම නෙට් යන්න තියා කෝල් එකක්වත් ගන්න සිග්නල් නෑ නේ. ඒවගේම දැකල තියෙනවා නේද එහෙම සිග්නල් නැති පළාතක උනත් සමහර වෙලාවට අපේ පරණ 2g ෆෝන්වලට ලාවට විතර සිග්නල් අහුවෙනවා. ඒවගේම ටිකක් උස තමකට ගියාම හොඳට සිග්නල් අහුවෙනවනේ.

ඉතින් පර්යේෂකයෝ කියන විදිහට දුරකථන ඇමතුම් සඳහා ගොඩක්ම වටින්නේ පරණ 2g ෆෝන්. මොකද කියනවනම් 2g ෆෝන් එකෙන් සිග්නල් දුර්වල තැනකදී සිග්නල් හොයන්න මහන්සි වෙනවා වගේ 7 ගුණයක මහන්සියක් ගන්නවා ස්මාර්ට් ෆෝන් සිග්නල් හොයන. ඉතින් දැන් තේරෙනවනේ පරණ ෆෝන් වලට හොඳට සිග්නල් අල්ලගන්න පුළුවන්. ඒවගේම තව දෙයක් තියෙනවා ස්මාර්ට් ෆෝන් වලට මෙහෙම සිග්නල් හොයන්න අපහසුවෙලා තියෙන්නේ ඒවගේ භාවිත වෙන ලෝහ ද්‍රව්‍ය හා විදුරු වැනි ද්‍රව්‍ය වැඩි නිසා. එහෙම තම පර්යේෂකයෝ කියන්නේ

ඉතින් දැන් හිතල බලන්න ටිකක් දුර සිග්නල් අඩු පැත්තකට යනවනම් අරගෙන යන්න ඕනේ මොකක්ද කියලා
SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

0 comments:

Post a Comment