app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

පලිඟු හිස්කබල් වල අබිරහස

1924දි බ්‍රිතාන්‍ය ජාතික දෙෂගවෙෂකයෙකු හා කතුවරයෙකු වූ Michel hedges ගේ දියණියට පිරමිඩයක් වැනි  ගොඩනැගිල්ලක් තුල තිබී පලිඟු වලින් නිර්මාණය කරන ලද මිනිස් හිස්කබලක් සොයාගැනීමට හැකි විය. ඒ පුරන මායාවරුන්ගේ නගරයක් වූ ලුබන්වුන් වල නටබුන් පරීක්ශාකිරීමේදී ය.
මායාවරුන්ගේ පුරවුර්ත වලට අනුව මෙවැනි හිස්කබල් 13 ගැන සඳහන් වේ. මේවායෙන් 7ක් දැනට සොයාගෙන ඇත. 4ක් පවුද්ගලික එකතුන් වලද, තව තුනක් කව්තුකආගාර වලද ඇත.

මේවා විශාල වාර ගණනක් පරීක්ෂණ වලට ලක්කර ඇත. මේවයේ අනවශ්‍ය සීරීම් ලකුණු කිසිවක් හමු නොවූ අතර ඇස්යට හා දත් ආසන්න ප්‍රදේශවල පමණි. එමෙන්ම මෙම අහිස්කබල් නිර්මාණය කිරීමට යොදාගෙන ඇති පලිඟු වැනි ද්‍රව්‍යය අපේ ලෝකයේ වෙනත් කිසිදු ස්ථානයකින් දැනට සොයාගෙන ඇත. මෙහි ඇති විශේෂත්වය නම් කොතරම් සිතල වුවත් කොතරම් උණුසුම් වුවත් එකම උෂ්ණත්වයක් රඳවා ගැනීමයි.

Picture

තවද මේවා නිර්මාණය කිරීමට දියුණු තාක්ෂණයක් භාවිත කර ඇති බවට විශ්වාස කරයි. මන්ද පලිගුවල ඇති ස්වභාවික රේඛා වල විරුද්ද අතට කැටයම් කළහොත් පලිගුව පුපුරා යන බවට විද්යක්නයන් පවසයි. දැනට පවතින තාක්ෂනයෙන්ද මෙවැනි නිර්මාණයක් කිරීමට ඉතා අපහසු බව ඔවුන් පවසයි.

 එසේම මේ හිස්කබල් සියල්ලම එකම තැනකට රැගෙන ආ විට මුළු ලෝකයම වෙනස් කල හැකි බවට ඔවුන්ගේ පුරාවුර්ත වල සඳහන් වේ. එමෙන්ම පෘතුවිය ඇතුළුව  බුද්ධිමත් ජීවින් ඇති ග්‍රහලෝක 13ක් ගැන සඳහන් වේ. ඒවාවල ඇති දැනුම මේ පලිඟු  හිස්කබල් වල තැන්පත් කර ඇති බවත් මේවා සියල්ල එක තැනකට ගෙන ආ විට ඒවායේ ඇති සියලුම දැනුම පෘතුවියට අදාල හිස්කබලට ආරෝපණය කළහැකි බවට පුරවුර්තවල සඳහන් වේ.

Picture

දැනට සොයාගෙන ඇති පරිදි පලින්ගුවල ටෙරාබයිට් දහස්ගනනක තොරතුරු තැන්පත් කල හැක. එසේනම් මේ හිස්කබල් යනු ඉතාමත්ම විශාල වූ දත්ත ගබඩා කිරීමේ මාද්‍යයකි.
මේවා විශාල දත්ත ගබ්ස නම් ඒවායේ ඇති දත්ත පිටතට ගැනීමට හිස්කබල් 13ම එක තැනකට ගෙන ආ යුතුය. නැත්නම් මෙහි ඇති දත්ත පිතටට ගැනීමට ක්‍රමයක් සොයාගත යුතුය.
SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

0 comments:

Post a Comment

ලිපි පෙළගැස්ම