app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

vb වලින් ප්‍රෝග්‍රෑම් සෑදීම ( vb sinhalen ) 2

veriables . මේ කියන්නේ විචල්‍යයන්. මේවා හැම භාෂාවකම වගේ පාවිච්චි වෙනවා. වෙරියබ්ල් එකකින් වෙන්නේ කම්පියුටර් එකේ රැම් එකෙන් කොටසක් අපේ ප්‍රෝග්‍රෑම් එකේ වැඩකට වෙන්කර ගැනීම. මෙහෙම් වෙන්කරත්ත ඒවා අපේ වැඩසටහනේ ඕනෙම තැනක පාවිච්චි කරන්න පුළුවන්.
වෙරියබ්ල් හදනකොට අනුගමනය කරන්න ඕනේ කරන නීති කිහිපයක් තියෙනවා.
1. හැමවෙලාවෙම වෙරියබ්ල් එකක් ඉංගිරිසි අකුරකින් පටන් ගන්න  ඕනේ
2. පලවෙනි අකුරට පස්සේ ඉලක්කම් හා ඉංගිරිසි අකුරු පාවිච්චිකරන්න පුළුවන් එත් සංකේත බෑ. පුළුවන් එකම සංකේතය තමා _ ක.
3.වෙරියබ්ල් එකක තියෙන්න පුළුවන් උපරිම අකුරු ගණන 255යි 
4.විෂුවල් බේසික් වල පාවිච්චි වෙන වචන උදා:- dim, public, if, then, else, end, case...... වගේ ඒවා පාවිච්චි කරන්න බෑ.
මේවට එකඟ වෙන ඩේටා ටයිප්  ටිකක් තමා මේ 
kuppiya 
kuppiya123
kuppiya_12

 වෙරියබ්ල් වර්ග ගොඩක් තියෙනවා ඒවගෙන් ටිකක් ගැන පහලින් තියෙනවා. 
වෙරියබ්ල් එකේ නම -----------------------ප්‍රමාණය--------------------ඇතුලත් කළහැකි දත්ත 
  
integer :-                             4byte                        -2,147,483,648 සිට                                                                                       2,147,483,647දක්වා පුර්ණ සංක්‍ය 

bolean :-                               -----                            True or False

string  :-                       යොදන data අනුව             0 සිට බිලියන 2 දක්වා යුනිකෝඩ් 
                         වෙනස් වේ 

Uinteger :-                       4 byte          0 සිට 4,294,967,295 දක්වා 

දැන් බලමු මේවා හදාගන්න විදිය.
 dim kuppiya as string 
මේ කෝඩ් එකෙන් වෙන්නේ kuppiya කියලා string ටයිප් එකේ වෙරයබ්ල් එකක් හැදෙන එක.
string වෙරියබ්ල් වලට ඉලක්කම් අකුරු සංකේත ඇතුලත් කරන්න පුළුවන්. එත් අපි ඇතුලත් කරන ඉලක්කම් ගණිතමය කටයුතු වලට ඒ කියන්නේ එකතු කරන්න අඩු කරන්න වැඩිකරන්න බෙදන්න සයින් හොයන්න පරිදිය හොයන්න කොස් හොයන්න වගේ ඒවාට යොදාගන්න බෑ. එක ඇතුලත් වෙන්නේ කැරැක්ටර් එකක් විදියට.
පොඩි ප්‍රෝග්‍රෑම් එකක් හැදුවාම ඕව හොඳට තේරෙනවා. මටත් මුලදී නිකන් කරකවලා අතාරියා වගේ තමා තිබුනේ දාන්නම් අව්ලක් නෑ.
එහෙනම් පොඩි ප්‍රෝග්‍රෑම් එකක් හදමු මුලුන්ම අලුත් project එකක් අරගෙන බටන් එකකුයි ටෙක්ස්ට් බොක්ස් දෙකකුයි form එකට දාගන්න.
දැන් මේ විදියට ප්‍රොපර්ටි වෙනස් කරන්න.
එක ටෙක්ස්ට් බොක්ස් එකක නම txt1 කියලත් අනිත් එක txt2 කියලත් වෙනස් කරන්න.
 බටන් එකේ text එක show කියලත් නේම් එක btn1 කියලත් වෙනස් කරන්න. 

දැන් බටන් එකේ කෝඩ් එක ගන්න. අරගෙන රූපේ තියෙන විදියට කෝඩ්එක දෙන්න.
දැන් රන් කරන්න. txt1 කියලා දුන්න ටෙක්ස්ට් බොක්ස් එකේ  කැමති නමක් ටයිප් කරන්න
ඊට පස්සේ බටන් එක ක්ලික් කරන්න. 
මොකද උනේ?? පලවෙනි ටෙක්ස්ට් බොක්ස් එකේ තිබ්බ නම දෙවෙනි ටෙක්ස්ට් බොක්ස් එකට ගියා නේද. එතකොට පලවෙනි ටෙක්ස්ට් බොක්ස් එක හිස් උනා නේද? 
මේක කොහොමද උනේ ?? 
අපි dim name as string හියලා string ටයිප් එකේ වෙරියබ්ල් එකක් ඉස්සෙල්ලම හදලා තියෙනවා.
ඊටපස්සේ name = txt1.text කියලා දීලා තියෙනවා. මේකෙන් වෙන්නේ txt1 කියන ටෙක්ස්ට් බොෂ් එකේ තියෙන අගය එහෙමත් නැත්තං  වචනේ name කියන වෙරියබ්ල් එකට pass කරන එක නැත්තන් සමාන කරන එක.
ඊටත් පස්සේ අපි දීලා තියෙනවා txt2.text = name කියලා. මේකෙන් වෙන්නේ name  කියන වෙරියබ්ල් එකේ අගය එහෙමත් නැත්තන් වචනේ txt2 කියන ටෙක්ස්ට් බොක්ස් එකට pass කරන එක නැත්තන් සමාන කරන එක.
අන්තිමටම දීල තියෙන txt1.text කියන ටෙක්ස්ට් බොක්ස් එකේ තියෙන අගයන් ඉවත් කරන එක.
මන් කිව්වා එක තේරුනා කියලා හිතනවා. තේරුනේ නැත්තං අහන්න. මේක කිහිප සැරයක් කරනකොට මේවා ඉබේම තේරෙනවා.
දැන් අපි integer වරියබ්ල් ටයිප් එක අරගෙන පොඩි ප්‍රෝග්‍රෑම් එකක් හදමු.
මේකට ඕනේ වෙනවා ටෙක්ස්ට් බොක්ස් තුනක් හා බටන් එකක්. පහල පින්තුරේ විදියට තියාගන්නකෝ. උඩින්ම තියෙන්නේ පලවෙනි ටෙක්ස්ට් බොක්ස් එක ඊට පස්සේ දෙවැනි එක ඊටත් පස්සේ තුන්වෙනි එක අතිමටම බටන් එක.
ටෙක්ස්ට් බොක්ස් වල නේම් එක මේ විදියට වෙනස් කරන්න.
පලවෙනි  ටෙක්ස්ට් බොක්ස්   එක txt1 
දෙවෙනි ටෙක්ස්ට් බොක්ස් එක txt2
තුන්වෙනි ටෙක්ස්ට් බොක්ස් එක txtans 
බටන් එකේ නේම් එක btnadd කියලා වෙනස් කරන්න දැන් කෝ බටන් එකේ කෝඩ් එක ගන්න.
දැන් පහල පින්තුරේ වගේ කෝඩ් එක දෙන්න.
දැන් රන් කරන්න. පලවෙනි ටෙක්ස්ට් බොක්ස් එකට 5 දෙන්න දෙවැනි එකටත් 5 දෙන්න දැන් බටන් එක ඔබන්න. එතකොට තුන්වෙනි ටෙක්ස්ට් බොක්ස් එකේ 10 කියලා පෙන්නනවා නේද
කොහොමද මේක උනේ
dim first, second as integer කියලා දීලා තියෙනවා. දැන් නිකන් පැටලිලා වගේද?? මන් කරලා තියෙන්නේ කෝඩ් අඩුකරගන්න වැඩක්. dim එකට පස්සේ අපිට ඕනේ කරන වෙරියබ්ල් දෙකම එක පාර දීලා තියෙනවා. මේක තේරෙන්නේ නෑ වගේනම් පරණ විදියටම දෙන්න. ඒ කිව්වේ 
dim first as integer
dim second as integer 
ඔයවිදියට දුන්නත් මම දීල තියෙන විදියට දුනත් වෙන්නේ එකම වැඩේ. වෙනසකට තියෙන්නේ කෝඩ් අඩු එක. මම දීලා තියෙන විදිය අමාරුනම් උඩින් තියෙන කෝඩ් එක දෙන්න. මතක තියාගන්න පින්තුරේ තියෙන කෝඩ් එක ටයිප් කරන්න එපා dim first as integer dim second as integer දුන්නොත්.
හරි දැන් අනිත් කෝඩ් බලමු.
first=txt1.text
second=txt2.text
කලින් කළා වගේමයි. වෙරියබ්ල් වලට value pass කරන එක තමා. මේකෙනුත් කරලා තියෙන්නේ.
txtans.text= first + second මේකෙන් කරලා තියෙන්නේ txtans කියන ටෙක්ක්ස්ට් බොක්ස් එකට first හා second කියන වෙරියබ්ල් වල තියෙන අගයන් එකතු කරලා දෙන එක.
integer වල පාවිච්චි කරන්න පුළුවන් ධන පුර්ණ සංක්‍ය හා රින පුර්ණ සන්ක්‍යා විතරයි
එහෙනම් අදට මෙච්චරයි. 

SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

0 comments:

Post a Comment

ලිපි පෙළගැස්ම