app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

JF-17 Thunder ප්‍රහාරක යානය

මේම යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාව මිලදී ගැනීමට සැරසෙනවා මේ ලිපියෙන් දැක්වෙන්නේ එහි තොරතුරු කිහිපයකි.


මේම ජෙට්  යානය දිවා කාලයේත් රාත්‍රී කාලයේත්  මෙහෙයුම් සඳහා යොදාගන්න පුළුවන්. ඒ වගේම මේම යානය විශ්වාසනීය බවෙන් හා කාර්යක්ෂමතාවයෙන් ඉහලයි. ඒ වගේම මිලෙනුත් අඩුයි. 
මිරාජ් III, චෙන්ග්ඩු-F7 හා නැන්ග්චැන්ග් A-5  යන පාකිස්තාන ප්‍රහාරක යානා වලට ආදේශකයක් ලෙස මේම යානය නිපදවාඅ ඇත.

යානයේ නිෂ්පාදන වියදම ඩොලර් මිලියන 500ක් වුනා. මේම යානය නිපදවන චීනය හා  පාකිස්තානය සමව බෙදාගත්තා. 1999දි මේවා නිෂ්පාදනයට දෙරට අතර ගිවිසුමක් ඇති වුනා. 2003දි පළමු පරීක්ෂණ පියාසැරිය සිදුවුනා.207දි පාකිස්තාන ගුවන් හමුදාවට මේවා අනුයුක්ත වුනා. දැනට පආකිස්ඨාන ගුවන් හමුදාවට මේම යානා 54ක් තියෙනවා. තවත් යානා 96ක් ඉල්ලා තියෙනවා. එම ඇනවුම 2018දි නිම කිරීමට නියමිතයි. එවිට පාකිස්තාන හමුදාවට මෙවන් යානා 150ක් තියෙනවා.


පියාසර පය 4000ක කාලයක ආයුකාලයක් තමා තියෙන්නේ. පියාසර පය 1200 කට  වතාවක් පුර්ණ ලෙස අලුත්වැඩියා කරන්න ඕනේ. පරිගණක මගින් යානයේ පියාසර කටයුතු පාලනය වෙනවා. යානයේ නියමුකුටියේ නවීන ඉලෙක්ට්‍රොණික පියාසර තොරතූරු දර්ශක හෑ හෙඩ් අප display පද්දතියක් තියෙනවා. මේවා දියුණු රටවල ඇති ප්‍රහාරක යානා වල උපාංග වල මට්ටමටම හැකියාවන්ගෙන් යුක්ත වෙනවා. වර්ණ ඩිගිටල් තිර තුනකින් උස, දිශාව, ප්‍රහාරක ආනතිය, වේගය, ඉන්ධන තන්වය, එන්ජිමේ තත්වය, හයිඩ්‍රොලික් පද්ධතියේ තත්වය, සතුරු යානා හෑ මිතුරු යානා පිළිබඳව, රේඩාර් තොරතුරු  වැනි ඉතාමත් වැදගත් තොරතුරු රාශියක් පෙන්වනවා. යානයේ පාලන පෘෂ්ටය Digital Fly-by-Wire පද්ධතියකින් පාලනය වෙන අතර ක්‍රියාන්විතයේදී නියමුවාගේ පහරදීමේ සැලසුමට අනුව ස්වයන්ක්‍රියව පාලනය වන නිසා පහර දීමකදී යානයේ පාලනය ස්වයන්ක්‍රියව සිදුවීමට සලස්වා ඉලක්කය විනාශ කිරීමට නියමුවාට  තමන්ගේ උපරිම අවධානය ලබාදීමට හැකියාව ලැබෙනවා.

යානයේ ආරක්ෂාව පිළිබඳව බැලීමේදී , සතුරන් විසින් රේඩාර් යොදාගෙන  යානය නිරීක්ෂණය කරන විට ඒ පිළිබඳව නියමුවාට දැනගත හැකි ක්‍රමයක් මේ යානයේ තියෙනවා.ඒ defensive aids system නම් තාක්ෂනය මගිනි.  සතුරන්ගේ රේඩාර් පද්දතියක් ක්‍රියාත්මක වන බව දැනුනු වහාම ඒ බව නියමුවාට දැනුම් දී එම රේඩාර් වලට භාදා ඇති කරයි. එමෙන්ම රේඩාර් මගින් යානා හඹා එන මිසයිල [Missile Approach Warning System (MAWS) පිළිබඳව නියමුවා දැනුවත් ක‍ර මිසයිල වලින් ආරක්ෂා වීමේ පියාසර උපක්‍රම ගැනීමට ක්‍රියාත්මක වන අතර electronic warfare මගින් මිසයිලයේ රේඩාර් පද්ධතිය නොමග යැවීමට උත්සාහා කරයි.
Missile Approach Warning System (MAWS) මගින් යානයට සම්භන්ධ කර ඇති අධෝරක්ත සංවේදක මගින් මිසයිල වල ඇති රොකට් මෝටර් වල උෂ්ණත්වයට සංවේදී වී ඒවා හඳුනාගෙන නියමුවාට දන්වයි.  එමෙන්ම [(Infrared Guided Missiles / Heat Seeking Missiles)] අධෝරක්ත සංවේදන ක්‍රම මගින් ඉලක්ක සොයාගන්න මිසයිල නොමග යැවීමට අධික උෂ්ණත්වයෙන් යුතු flairs හා රේඩාර් නොමග යවන metal chaff නිකුත් කරන ආරක්ෂක උපක්රමය ස්වයන්ක්‍රියව සිදුකරගැනීමේ හැකියාව ඇත.KLJ-7 රේඩාර් පද්ධතිය මගින් අහසේ ගොඩබිම හෑ ජලයේ ඇති ඉලක්ක හතළිහක් එකවර නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇත. සිතිජයේ ඔබ්බෙන් ඇති යානා 10ක් නිරීක්ෂණය කිරීමද සිකුරන්න පුළුවන්.


KLJ-7 රේඩාර් පද්ධතිය යානයේ අවිආයුධ වලට ඉලක්කය ලබාදෙන fire control radar ලෙසද ක්‍රියාත්මකවන අතර නියමුවා ඉලක්කය තොරාගත් පසු, රේඩාර් යන්ත්‍රය හා එහි පරිගණක පද්ධතිය මගින් මිසයිලය හෝ බෝම්බයට ඉලක්ක දත්ත ලබාදී එය ඉලක්කය වෙත යොමුකිරීම භාරගනී. නියමුවාගේ හෙල්මටයට අන්තර්ගත කරන ලද Electro-Optical Helmet Mounted Sight ඉලෙක්ට්‍රොණික පද්ධතිය මගින් නියමුවාගේ දෑස් චලනයවන ආකාරය නිරීක්ෂණය කරන අතර එමගින් නියමුවාගේ දෑස් එල්ලවී ඇති ඉලක්කය ගණනය කරගෙන් එමගින් සතුරු යානාවෙත විදිනලද මිසයිලවල මගපෙන්විය හැකි පද්ධතියක්ද මෙයට අඩංගු බව පැවසේ. මෙම පද්ධතිය මගින් සතුරු යානයක් වෙත මිසයිලය ගමන්කරවීමට නියමුවා එම සතුරු යානය දෙස මොහොතක් බලාසිටීම පමණක් සෑහේ. ඉලක්කය ලැබුණු පසු එය හඹායාමේ කාර්යය මිසයිලයේ guidance system පද්ධතිය භාරගනී. මෙට්‍රික් ටොන් 3.5කට අධික බෝම්බ හා මිසයිල රැගෙනයා හැකිය. මිසයිල හා බෝම්බ රඳවාගෙන රැගෙනයා හැකි "hard points" ලෙස හැඳින්වෙන මිසයිල හා බෝම්බ අමුණන ස්ථාන 7ක් මෙම යානයේ ඇත. මෙම හාර්ඩ් පොයින්ට්වල ලේසර් මගින් ඉලක්කය සොයාගන්නා "laser guided smart bombs" සවිකල හැකි අතර මෙම බෝම්බ හා අනෙකුත් මිසයිල වෙතට ඉලක්ක දත්ත සැපයිම සඳහා සෑම හාර්ඩ් පොයින්ට් එකකටම යානයේ පරිගණක පද්ධතියේ සිට MIL-STD-1760 data-bus පද්ධතියක් දිවෙයි. තවද යානයේ වම්පස එන්ජිමට යටින් මිලිමීටර් 23, බැරල් 2කින් සමන්විත මැශින්තුවක්කුවක් සවිකොට ඇත.


රුසියාවේ නිශ්පාදිත RD-93 කිල්මොෆ් ටර්බෝෆෑන් එන්ජිමක් ඇත. මිග් 29 ප්‍රහාරක යානයේ RD-33 පාදක කරගෙන නිර්මාණය කර ඇත. මේම එන්ජිමට ඉන්ධන සැපයීමට යානයේ තටුවල ටොන් 2.3ක ධාරිතාවක් ඇති ටැංකි ඇත. තවද ඉහල අහසේදී ඉන්ධන පිරවීමේ හැකියාවද ඇත.

නියමුවන් ගණන - 1, අවිආයුධ (payload) - මෙට්‍රික් ටොන් 3යි, උපරිම වේගය පැ.කිමී - 1960 (මක් 1.6), මෙහෙයුම් පරාසය (combat radius) - කිලෝමීටර් 1300යි, උපරිම පියාසර උස - මීටර් 19,600 (කිලෝමීටර් 19.6ක් ඉහල අහසේ)

මිසයිල (Air to Air)
MAA-1 Piranha (Short-range),AIM-9L/M (Short-range),PL-5EII (Short-range), PL-9C (Short-range),PL-12 / SD-10 (Beyond visual range)

මිසයිල (Air to Surface)
MAR-1 (Anti-radiation missile), Ra'ad ALCM (Nuclear capable Stealth Cruise missile), CM-400AKG supersonic anti-shipping missile, export version of YJ-12, CM 102 supersonic Anti radiation missile, GB-6 Air-Launched Standoff Submunition Dispenser Precision Guided Weapon

බෝම්බ
Mk-82 (general purpose bomb), Mk-84 (general purpose bomb), Matra Durandal (anti-runway bomb), CBU-100/Mk-20 Rockeye (anti-armour cluster bomb)

ස්මාර්ට් බෝම්බ

GBU-10 (Laser-guided), GBU-12 (Laser-guided), LT-2 (Laser-guided), H-2 (electro-optically guided), H-4 (electro-optically guided), LS-6 (satellite-guided glide bombs),Satellite-guided bombs
SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

0 comments:

Post a Comment

ලිපි පෙළගැස්ම