app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

අන්තර්ජාල කේබල්

Picture
ඉන්ටෙර්නෙට් කනෙක්ෂන් එක ගොඩක් දෙනෙක් ගන්නේ වයර්ලස් ක්‍රමයට උනත් ඉන්ටෙර්නෙට් හැදිලා තියෙන්නේ කේබල් ජාලයකින් . මේ කේබල් ජාලය තියෙන්නේ මුහුදු පතුලේ . මේවත් නිකන්ම නිකන් කේබල් නෙමේ . මේ කේබල් වැඩි හරියක් ප්‍රකාශ තන්තු වලින් තමා හදල තියෙන්නේ . ඒවගේම මේ කේබල් වලින් ගමන් කරන්නේ ආලෝක කදම්බ .මේ කේබල් එක ගොඩබිම් මධ්‍යස්ථානයකින් පටන්ගෙන තවත් ගොඩබිම් මධ්‍යස්ථානයකින් කෙරවල වෙනවා . මේ විදියට තමා රට රටවල් සම්බන්ද කරමින් මුළු ලෝකයටම ඉන්ටෙර්නෙට් සම්බන්ධතාවය  ලබා දෙන්නේ.



Picture




මේ සන්නිවේදන මධ්‍යස්ථානවල මේ කටයුතු කරන්න අවශ්‍ය කරන සෑම දෙයක්ම තියනවා . විදුලිය , කේබල් වලින් තොරතුරු යවන්න ඕනකරන උපකරණ මේ උපකරණ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන අය තව සමහර මධ්‍යස්ථානවල සැටලයිට් සම්බන්ධතා තියෙනවා.ලංකාවට මන් දන්නා තරමින් මේ  ගොඩබිම් මධ්‍යස්ථාන 5ක් තියෙනව . මන් හරියටම කියන්න දන්නෑ කියක් තියෙනවඩ කියලා.

කේබල් හදල තියෙන්නේ කොහොමද ?

ඉන්ටෙර්නෙට් ලබා දෙන හැම කේබල් එකක්ම හැදිලා තියෙන්නේ ප්‍රකාශ තන්තුවලින් නෙමෙයි. හුගක් ඒවා තඹ වලින් තම හදල තියෙන්නේ . එත් මුහුද යටින් යන ගොඩක් කේබල් හදල තියෙන්නේ ප්‍රකාශ තන්තු වලින් .

සාමාන්‍යයෙන් මේ කේබල් විෂ්කබයෙන් මිලිමීටර් 69ක් වෙනවා. මේ කේබල් මීටර් 1ක් කිලෝග්‍රෑම් 10ක් බරයි මේ කේබල් වලට වටින් ඝනකම් ආවරණ කිහිපයක් තියෙනවා. පිටතින්ම තියෙන්නේ තරවල ගිල්වූ නයිලෝන් ආවරණයක් හෝ පොලිතින් අවරණයකි . ඊට  පස්සේ  මයිලර් ටේප් , ගැල්වනයිස් කල වානේ කම්බි ,  වතුර කාන්දු නොවන විදියට හදපු ඇලුමිනියම් ආවරණයක් පොලිකාබනෙට් ආවරණයක් තඹ හෝ ඇලුමිනියම් නලයක් හා පෙට්‍රෝලියම් ජෙලි මාද්‍යයක් තියෙනවා . මේ හැම දෙකටම මැදින් තමා ප්‍රකාශ තන්තු තියෙන්නේ.
 
 

අපේ රටට ඉන්ටෙර්නෙට් ගේන කේබල්

1. සීමීවී 3 (SEA-ME-WE3- south east Asia middle east western Europe 3 cable system)

1999දී තමයි මේක පටන් අරගෙන තියෙන්නේ  . කිලෝමීටර් 39000ක් දිගයි. ජර්මනියේ නොර්ඩන් නුවර ඉදන්  සුවස් ඇළ හරහා මැද පෙරදිග ඉදන් ඇවිල්ල දකුණු ආසියානු රටවල් වල ඉඳල අග්නිදිග ආසියාවටත් එතනින් දකුණු කොරියාවටත් , ඔස්ට්‍රේලියාවට විහිදෙන මේ කේබල් පද්දතියෙන් රටවල් 33ක් ගොඩබිම් මධ්‍යස්ථාන 39ක් සමග සම්බන්ද වෙනවා .  ගල්කිස්සේ තමයි අපේ රටේ ගොඩබිම් මධ්‍යස්ථානය තියෙන්නේ.

 2. සීමීවී 4 (SEA-ME-WE3- south east Asia middle east western Europe 4 cable system)

ප්‍රංශයෙන් පටන්ගෙන සුවස් අල හරහා සින්ගප්පුරුවෙන් ඉවරවෙන මේ කේබල් ජලය කිල්මිටර් 20 000 ක් දිගයි. රටවල් 16ක් ගොඩබිම් මධ්‍යස්ථාන 17කින් සම්භන්ද වෙනවා. 2005 දෙසැම්බර් 13 අරඹ කරපු මේ කේබල් ජාලය ගොඩනගන්න වියදම් දරල තියෙන්නේ සන්නිවේදන සමාගම් 16ක් එකතුවෙලා ටෙලිකොම් එකත් එකට අදාලයි.

3. භාරත් ලංකා කේබල් සිස්ටම්

ඉන්දියාවේ ටුටෝකොරින් සිට කොළඹට එන මේ එන  මේ කේබල් ජලය කිලෝමීටර් 325ක් දිගයි. 2006 ජුනි මාසයේ ඉඳන් අපිට සේවා සපයනවා.
අපේ ටෙලිකොම් සමාගමයි, ඉන්දියාවේ සංචාර් නිගම් (BSNL ) සමාගම එකතුවී නිර්මාණය කරන ලදී.

4. දිරගු එස්එල්ටී කේබල් නෙට්වර්ක්

කොළඹ සිට මාලේ නුවරට එලාතියෙන මේ කේබල් පද්දතිය කිලෝමීටර් 850ක් දිගයි. 2007 සිට මේක අපිට ඉන්ටෙර්නෙට් කනෙක්ෂන් එක ලබා දෙනවා.

5. වාර්ෆ් සබ්මැරින් කේබල්

දිග කිලෝමීටර් 680යි. මාලේ නුවර ඉඳන් ඉන්දියාවේ ත්රිවන්ද්‍රම් දක්වා යන මේ කේබල් පද්දතිය කොලබට තමා සම්බන්ධ වෙන්නේ. 2007 මාර්තු වල ඉඳන් ක්‍රියාත්මකයි.

ලෝකේ පුර තියෙන හැම කේබල් එකක් ගැනම තොරතුරු submarinecablemap.com සයිට් එකේ තියෙනවා

 මන් දන්නේ ඔය විස්තර ටික තමා වැරදි තියෙනවානම් කියන්න දන්නා දේවල් තියෙනවනම් ඒවත් ඒවත් කියන්න .
 
Pause 
 


SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

0 comments:

Post a Comment

ලිපි පෙළගැස්ම