app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

vb ප්‍රෝග්‍රෑම් සෑදීම 4 (vb sinhalen)

ලූප්. මේවා හැම භාෂාවකම වගේ පාවිච්චි වෙනවා. මේකෙන් කරන්නේ දිල තියෙන code ටිකක් නැවත නැවත ක්‍රියාත්මක කිරීම. පොඩි ප්‍රෝග්‍රෑම් දෙක තුනක් හදනකොට නිකන්ම තේරෙනවා. මේක ගොඩක් වැදගත්. ඒ හින්දා හොඳට මතක තියාගන්න. ලූප් වර්ග තුනක් ගැන මන් කියන්නම්. ඒවා තමයි for next loop, do while loop, do until loop.
මුලින්ම බලමු for nextලූප් එක ගැන .

for next ලූප් එකේ ආකෘතිය මේ වගේ.
for විචල්‍ය = ආරම්භක අගය to අවසාන අගය 
code ටික
next
මේක තේරුම් ගන්න පොඩි ප්‍රෝග්‍රෑම් එකක් හදමු.  අලුත් project එකක් පටන් ගෙන form එකට richtextbox එකක් සහ  button එකක් දාගන්න.


 දැන් බටන් එක ඩබල් ක්ලික් කරලා පහල පහල රූපේ තියෙන code එක දෙන්න.


දැන් රන් කරන්න එතකොට මේ වගේ වැඩකරනවන්ම් වැඩේ හරි.


අපි මේකෙදි ඉස්සෙල්ලම a කියලා string වෙරියබ්ල් එකක් හදාගෙන තියෙනවා. එකේ හදාගෙන තියෙන්නේ රිච් ටෙක්ස්ට් බොක්ස් එකේ අපි දෙන ඒවා පෙන්නන්න. ඊට පස්සේ තමා for එක දාලා for ලූප් එක පටන් ගෙන තියෙන්නේ.
for b = 0 to 10
මේකෙන් කරන්නේ b කියලා වෙරියබ්ල් එකක් හදාගෙන ඒ විචල්‍යයේ  ආරම්භක අගය 0 ත් අවසාන අගය  10 කියලත් කියලා තියෙන එක. එකේදී ආරම්භක අගයේ ඉඳන් අවසාන අගය වෙනකන් එකින් එක වැඩි වෙන පිළිවෙලට තමා වැඩ කරන්නේ.
ඊට පස්සේ තමා  තියෙන්නේ අපි දීලා තියෙන කෝඩ් එක. මෙතනට අපි කැමති කෝඩ් එකක් දෙන්න පුළුවන්. මම දීලා තියෙන්නේ එකින් එක පිළිවෙලට 1 ඉඳන් 10 වෙනකන් ඉලක්කම් රිච් ටෙක්ස්ට් බොක්ස් එකේ ප්‍රින්ට් වෙන්න.

දැන් බලමු do while ලූප් ගැන

මේකේ ව්‍යුහය තමා.

do while කොන්දේසිය 
කොන්දේසිය සත්‍ය නම් වෙන්න ඕනේ ඒවා 
loop 

මේකෙදි වෙන්නේ අපි දීලා තියෙන කොන්දේසියක සත්‍යතාව බලලා කොන්දේසිය සත්‍යනම් ලූප් එක ඇතුලේ තියෙන code ටික නැවත නැවත ක්‍රියාත්මක වෙන එක.
තේරුම් ගන්න මේ කෝඩ් එක දීලා බලන්න. කලින් දුන්න කෝඩ් එක මකලා දාන්න.


දැන් රන් කරලා බලන්න මේ වගේ එනවනම් වැඩේ හරි


මේකේ ඉස්සෙල්ලම do while කියන එකට දීලා තියෙනවා b කියන විචල්‍ය 10 හෝ 10ට වඩා අඩුද කියලා බලන්න කියලා. ඊට පස්සේ එක ඇත්තනම් ඒ කිව්වේ b 10ට වඩ අඩුනම් තමා ලූප් එක ඇතුලේ තියෙන code එක වැඩ කරන්නේ. එහෙම නැත්තන් ඒ කිව්වේ කොන්දේසිය අසත්යනම් ලූප් එකෙන් අයින් වෙනවා. මේකෙම අනිත් පැත්ත තියෙනවා do until වල දැන් එක බලමු.

do until කොන්දේසිය
කොන්දේසිය අසත්‍ය නම් වෙන්න ඕනේ ඒවා 
loop 

මේක තේරුම් ගන්න පහල තියෙන code එක දීල බලන්න කලින් දීපු ඒවා මකලා දාන.


රන් කරපුවාම මේ වගේ එනවනම් වැඩේ හරි.


මේකේ ඉස්සෙල්ලම do until කියන එකට දිලාතියෙනවා b කියන විචල්‍ය 10 ට වඩා වැඩිනම් හෝ 10 වඩා අඩුද කියලා බලන්න කියලා. ඊට පස්සේ එක බොරුනම් ඒ කිව්වේ b 10 ට වඩා අඩුනම් තමා ලූප් එක ඇතුලේ තියෙන code එක වැඩ කරන්නේ. කොන්දේසිය සත්‍ය වෙච්ච ගමන් ලූප් එකෙන් අයින් වෙනවා.
එහෙනම් ලූප් ගැන මෙච්චරයි. මේක පාවිච්චි කරලා එක එක වැඩ ගොඩාක් කරන්න පුළුවන්. එක දිගට එකම කෝඩ් එක වැඩ කරන්න හදා ගත්තම කම්පියුටර් ගැන වැඩිය දන්නේ නැති කෙනෙක්ට ගේමක් දෙන්නත් මේක යොදාගන්න පුළුවන්.

SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

0 comments:

Post a Comment

ලිපි පෙළගැස්ම