app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

vb වලින් ප්‍රෝග්‍රෑම් සෑදීම ( vb sinhalen ) 3

if, then, else, elseif, මේවා පාවිච්චි කරන්නේ අපි දුන්න කොන්දේසියක  සත්‍යතාව පරික්ෂා කරන එක. සත්‍යනම් මේක වෙන්න අසත්‍ය නම් මේක වෙන්න කියනවා වගේ වැඩක් තමා මේකෙන් වෙන්නේ.  මේවා හැම භාෂාවක වගේම තියෙනවා.
මේකේ මුලික ආකෘතිය මෙහෙමයි.

if කොන්දේසිය then 
සත්‍යනම් වෙන්න ඕනේ ඒවා
else
අසත්‍ය නම් වෙන්න ඕනේ ඒවා
end if 

දැන් මේකට ඔයාලගේ ජීවිතේදී වෙලා තියෙන දෙයක් කියලා හිතලා මන් දෙයක් ආදේශ කරන්නම්.
ඔයාගේ අතට සල්ලි දීලා අම්ම කියනවා බිස්කට් තිබුනොත් බිස්කට් ගෙන්න නැත්තන් මුකුත් ගේන්නේ නැතුව ගෙදර එන්න  කියලා.දැන් ඔයා කඩේට ගිහින් මුදලාලි මාමාගෙන් අහනවා බ්ස්කට් තියෙනවද කියලා.එයා කියනවා ඔව් කියලා. මේක if එකට දාලා බලමු
if බිස්කට් තියෙනවද = ඔව්  then
(දැන් දාන්න ඕනේ තියෙනවනම් කරන්න ඕනේ දේ  )
බිස්කට් එක ගෙදර ගෙන්න 
else 
(දැන් දාන්න ඕනේ බිස්කට් නැත්තන් කරන දේ )
ගෙදර එන්න.
end if

දැන් තේරුනාද? මේක ඕනෙනම් අනිත් පැත්තට  කරන්නත් පුළුවන්. එකත් බලමු.

if බිස්කට් නැද්ද = ඔව් then 
ගෙදර එන්න 
else 
බිස්කට් එක ගෙදර ගෙන්න 
end if 

මේකෙදි උනේ ඔයා මුදලාලිගෙන් ඇහුවේ බිස්කට් නැද්ද කියලා. බිස්කට් තියෙනවද කියලා නෙමේ.

තේරෙන්න ඇති කියලා හිතනවා තේරෙන්නේ නැත්තන් කියන්න. ප්‍රෝග්‍රෑම් දෙක තුනක් හදද්දී නිකන්ම තේරෙනවා. 
එහෙනම් ප්‍රෝග්‍රෑම් එකක් හදමු.
අලුත් project එකක් පටන් ගන්න. දැන් ඔයාගේ form එකට ටෙක්ස්ට් බොක්ස් එකකුයි, ලේබල් එකකුයි, බටන් එකකුයි, දාගන්න.
ඒවගේ ප්‍රොපර්ටි මේ විදියට වෙනස් කරන්න.
ටෙක්ස්ට් බොක්ස් එකේ නේම් එක txt1 කියලා දෙන්න
ලේබල් එකේ නේම් එක lbl1 කියලා දෙන්න. දැනට තියෙන ටෙක්ස්ට් එක මකන්න. ඔටෝ සයිස් එක කරලා කැමති විදියට සයිස් එක හදාගන්න. බැක්ග්‍රවුන්ඩ් කලර් එක කළු පාට නැතුව වෙන පාටක් දෙන්න තද පාටක් දෙන්න එපා . මොකද කළු හරි තද පාටක් හරි දුන්නොත් ලේබල් එකට අපි දාන අකුරු පෙන්නේ නෑනේ.
බටන් එකේ නේම් එක  btn1 කියලා දෙන්න  පහල රූපේ වගේ ඉන්ටෙර්ෆේස් එක හදාගන්න.
දැන් බටන් එකේ කෝඩ් අරගෙන පහල රූපේ තියෙන කෝඩ් එක ගහන්න.
දැන් රන් කරන්න. ටෙක්ස්ට් බොක්ස් එකේ kuppiya කියලා ටයිප් කරලා බටන් එක ඔබන්න. එතකොට ලේබල් එකේ correct කියලා පෙන්නනවානම් ඔයාලා හරියටම ප්‍රෝග්‍රෑම් එක හදලා.
කොහොමද මේක උනේ??
dim name  as string 
name = kuppiya 
ඉස්සෙල්ලම name කියලා string වෙරියබ්ල් එකක් හදාගෙන තියෙනවා එකට kuppiya කියන වචනේ pass කරලා තියෙනවා.
ඊට පස්සේ තමා කොන්දේසි පරික්ෂා කරන්න if දාලා තියෙන්නේ.
if txt1.text = name then
lbl1.text="correct"
ඉස්සෙල්ලාම මේ පේලි ගැන බලමු මේකෙන් වෙන්නේ txt1 කියන ටෙක්ස්ට් බොක්ස් එකේ අගය name කියන විචල්‍යයට එහෙමත් නැත්තන්  වෙරියබ්ල් එකට සමානද කියලා බලන එක.  සමානයිනම් lbl1 කියා ලේබල් එකේ correct කියලා පෙන්නනවා.
else 
lbl1.text = "Error"
end if 
else. මේ වචනෙන් කියන්නේ programin වලදී එසේනොවෙනම් කියන අදහස. එතකොට මේ පෙලියේදී වෙන්නේ txt1 කියන ටෙක්ස්ට් බොක්ස් එකේ අගය name එකට සමාන නැත්තන් lbl1 කියන ලේබල් එකේ error කියන වචනේ පෙන්නන එක. ඔයාලා ටෙක්ස්ට් බොක්ස් එකේ වෙන වචනයක් ගහලා බලන්න මෙහෙම වෙනවද කියලා.

එහෙනම් දැන් බලමු මොකක්ද මේ elseif කියන්නේ කියලා.
අත්ටටම මේකේ ලොකු දෙයක් නෑ. අපි හිතමු අපිට කොන්දේසි ගොඩක් පරික්ෂා කරන්න අව කියලා. එතකොට එකක් පරික්ෂ කරලා අනික් එක පරික්ෂා කරනකොට ලියන්න වෙන කෝඩ් අඩු කරන්න තමා මේක තියෙන්නේ 
හරියට නිකන් මේ වගේ. ඉස්සෙල්ලා උදාහරනේටම තව කැල්ලක් එකතු කරලා බලමු.
අම්මා ඉස්සෙල්ල කිව්වේ බිස්කට් ගෙන්න විතරයි නේ දැන් කියනවා මුරුක්කුත් ගෙන්න කියලා. බිස්කට් නැත්තන් මුරුක්කු. මේ දෙකම නැත්තන් ආපසු හැරේන් ගෙදර යා කියලා. එකටත් කෝඩ් එකක් ලියලා බලමු. දැන් ඔයාලා කඩේට ගිහින් මුදලාලිගෙන් ඕනේ ඒවා ගැන අහන තැන තමා ඉන්නේ.
if බිස්කට් තියෙනවද = ඔව් then
බිස්කට් ගෙදර ගෙන්න.
elseif මුරුක්කු තියෙනවද = ඔව් then
මුරුක්කු ගෙදර ගෙන්න.
else 
ගෙදර එන්න.
end if 
 දැන් තේරුනාද? තේරෙන්න ඇති කියලා හිතනවා. දැන් ඔයාලා හිතන්නේ else if අස්සේ මොන එකකටද else විතරක් ඉන්නේ කියලනේ. ඉන්න කියලා දෙන්නනම්.
මේකෙන් ඉස්සෙල්ලාම වෙන්නේ බිස්කට් තියෙනවද බලන එක තිබ්බොත් ගත්ත නැත්තන් else if ක්‍රියාත්මක වෙලා මුරුක්කු තියෙනවද කියලා අහනවා. ඒක තිබ්බොත් එක අරන් ගෙදර ආවා. එකත් නෑ කිව්වොත් තමා else ක්‍රියාත්මක වෙලා මුකුත් ගේන්නේ නැතුව ගෙදර එන්න කියන කෝඩ් එක වැඩ කරන්නේ. ඒ කියන්නේ දීලා තියෙන කොන්දේසි සියල්ලම අසත්‍ය නම් වෙන්න ඕනේ එක තමා else වලින් පස්සේ තියෙන්නේ.
තේරෙන්න ඇති කියලා හිතනවා. තේරුනේ නැත්නම් අහන්න. තව තේරුම් කරන්නම්. මොකද මේවා ප්රෝග්‍රමින්ග් වලදී ඕනෙමයි.
එහෙනම් පුංචි ප්‍රෝග්‍රෑම් එකක් හදලා තව ටිකක් මේක මොලේට දාගමු.
අලුත් project එකක් පටන් ගන්න. එකේ form එකට මේවා දාගන්න. ටෙක්ස්ට් බොක්ස් 3ක්, ලේබල් එකක් බටන් එකක්. දැන් මේවගේ ප්‍රොපර්ටි මේ විදියට වෙනස් කරන්න.
එක ටෙක්ස්ට් බොක්ස් 3 txt1 txt2 txt3 විදියට නේම් ප්‍රොපර්ටි එක වෙනස් කරන්න. ලේබල් එකේ නේම් ප්‍රොපර්ටි එක lbl1  විදියට වෙනස්කරලා කලින් ප්‍රෝග්‍රෑම් එක වගේම ඔටෝ සයිස් අයින් කරලා. පාට වෙනස් කරගන්න. බටන් එකේ නේම් ප්‍රොපර්ටි එක btnsubmit කියලා වෙනස් කරගන්න ටෙක්ස්ට් එක submit කියලා දෙන්න. පහල රුපෙත් උදව් කරගන්න. උඩින්ම තියෙන්නේ txt1 ඊළඟට txt3  ඊටපස්සේ txt2 ඊළඟට ලේබල් එක අන්තිමට බටන් එක.
දැන් අපි කෝඩ් කරන්න පටන් ගමු. බටන් එක ඩබල් ක්ලික් කරලා කෝඩ් වින්ඩොව් එකේ මේ රූපේ තියෙන කොදේ ටික ටයිප් කරන්න.රූපේ පැහැදිලි නැත්තන් මන් රුපෙට පහලින් කොදේ එක දීල තියෙනවා එක බලාගෙන ටයිප් කරන්න.
dim first, second as integer
dim symbol as string 
first =  txt1.text
second=txt3.text
symbol= txt2.text

if symbo l= "+" then
lbl1.text = first + second
elseif symbol = "-" then
lbl1.text = first- second
elseif symbol= "/" then
lbl1.text =  first / second
elseif symbol = "*" then
lbl1.text = first * second
else
lbl1.text = "Error"
end if 
කෝඩ් එක ගහලා ඉවරයිනේ දැන් රන් කරන්න. දැන් උඩින්ම තියෙන ටෙක්ස්ට් බොක්ස් එකේ ඒ කියන්නේ txt1 එකේ 5 ටයිප් කරන්න. ඊට යටින් තියෙන එකේ ඒ කිව්වේ txt3 එකේ ගණිත කර්මය + - * / මේවගෙන් එකක් විතරක් ටයිප් කරන්න. දැන් ඉටැහැ යටින් තියෙන ටෙක්ස්ට් බොක්ස් එකේ ඒ කිව්වේ txt3 එකේ 5 ටයිප් කරන්න. දැන් බටන් එක ඔබන්න. මොකද උනේ ලේබල් එකේ උත්තරේ පෙන්නනවා නේද?
කොහොමද මේක උනේ
dim first, second as integer
dim symbol as string 
first =  txt1.text
second=txt3.text
symbol= txt2.text
අපි ඉස්සෙල්ලාම  වෙරියබ්ල් තුනක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ ඒවාට අගයන් සමාන කරගෙන තියෙනවා. 
if symbol= "+" then
lbl1.text = first + second
elseif symbol = "-" then
lbl1.text = first- second
elseif symbol= "/" then
lbl1.text =  first / second
elseif symbol = "*" then
lbl1.text = first * second
else
lbl1.text = "Error"
end if 
ඊට පස්සේ අපි වෙරියබ්ල් වල අගයන් පරික්ෂ කරලා තියෙනවා. ඒ කිව්වේ symbol කියන වෙරියබ්ල් එකේ අගය + - * / යන විදියට. මේ විදියට පරික්ෂ කරගෙන ගිහින් අන්තිමට මේ එකකටවත්  symbol වල අගය ගැලපෙන්නේ නැත්තන් error කියලා ලේබල් එකේ පෙන්නනවා.
if symbol= "+" then
lbl1.text = first + second
මේකෙන් වෙන්නේ symbol වල අගය + ද කියලා පරික්ෂ කරන එක. ඔව් නම් first එකයි second එකයි එකතු කරලා ලේබල් එකේ පෙන්නනවා.
elseif symbol = "-" then
lbl1.text = first- second
මේකෙන් කරන්නේ symbol වල අගය - ද කියලා පරික්ෂා කරන එක. රින නම් first එකයි second එකයි අඩුකරලා උත්තරේ පෙන්නනවා ලේබල් එකේ.
 elseif symbol= "/" then
lbl1.text =  first / second
මේකෙන් වෙන්නේ / ද කියලා පරික්ෂ කරන එක ඒක එහෙමනම් first එකයි second එකයි බෙදලා උත්තරේ පෙන්නනවා.
elseif symbol = "*" then
lbl1.text = first * second
මේකෙන් කරන්නේ * (වැඩිකිරීම) ද කියලා චෙක් කරන එක. ඒක එහෙමනම් first එකයි second එකයි වැඩි  කරලා උත්තරේ පෙන්නනවා.
else
lbl1.text = "Error"
end if 
මේකෙන් කරන්නේ ඔය එකකටවත් symbol සමාන නැත්තන් ලේබල් එකේ error කියලා පෙන්නන එක.

අදට ඉවරයි 
SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

1 comments:

ලිපි පෙළගැස්ම