app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

ISIS සංවිධානය


ISIS සන්විශානය ගැන මුළු ලොවම කතාවෙනව. එම සංවිධානය දැනට ලෝකයේ සිටිනා ධරුනුතම ත්‍රස්ත සංවිධානය වේ. එමෙන්ම මේම සංවිධානය ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා.2010 ඩි අල් කයිඩා ලන්විධානය ලෙස නම් වූ මේම සංවිධානය අම්රිකානු හමුදා මගින් විනාශ කර දමන ලදී. එහෙත් 2011 සිට රහසිගතව ඉතාමත් සුක්ෂම ලෙස වර්ධනය වූ මේ සංවිධානය 2012 ඩි හා 2013 යන වසර වලදී ඉරාක යුධ සිරකන්දවරු වල සිටින සිරකරුවන් විශාල වශයෙන් බේරාගන්නා ලදී. එම බේරාගත් සිරකරුවන් පසුව එම සංවිධානයට බැඳිනි. 2013 ඩි අල් කයිඩා ලෙස නම් දරු මේම සංවිධානය isis ලෙස නම වෙනස් කර ගන්න ලදී. ISIS :- Islamic State of Iraq and Syria

ISIS සංවිධානයේ බලාපොරොත්තුව පරිපූර්ණ වශයෙන් ශරියා නීතීයෙන් පාලනය වන්නා වූ, මගම්මන් තුමාගෙන් පැවත එන ආගමික හා දේශපාලනික නායකයකු අතින් පාලනය වන සුවිශාල මුස්ලිම් රාජ්‍යයක් පිහිටවීමයි.සංවිධානයේ ප්‍රහාර හා ඝාතක ඉතාමත් කුරිරු ලෙස සිදුකරනු ලබන අතර ඒවා ප්‍රබල කැමරා මගින් රූගත කර අන්තර්ජාලයට මුදාහැරීම ඔවුන්ගේ ක්‍රියාකාරකමකි. 2015 අගෝසතු මාසයේ සිට 2015 පෙබරවාරි මස දක්වා ISIS සංවිධානය මගින් ඇමරිකානු, ඉරාක, ජෝර්දාන, ජපන් සිරකරුවන් ගණනාවක් ප්‍රසිද්ධියේ ගෙල කපා මරා දමා ඇත.



ඉරාක යුද වලදී යුධ මෙන් ලබාගන්න ආයුධ වලින් මුලින්ම සන්නද්ධවූ මේම සංවිධානය පසුව නිවාස කොල්ලකා ඒවයේ ඇති වටිනා බඩු වලින් හා  මුදල් වලින් නීති විරෝධී ක්‍රම මගින් ආයුධ ලබාගෙන ඇත. තවද මොවුන්ට අරාබියේ සිටිනා ධනවතුන් මුදල් ලබාදෙන බවද අනාවරණය වී ඇත.2014 ජනවාරි මාසයේදී ISIS සංවිධානය ඉරාකයේ Falluja සහ Ramadi නගර වල පාලනය අල්ලාගත් අතර ජුනි මාසයේදී උතුරු ඉරාකයේ Mosul හි පාලනය අල්ලා ගන්නා ලදී. Mosul යනු ඉරාකයේ දෙවන විශාලතම නගරය වන අතර ඉරාක තෙල් කර්මාන්තයේ ප්‍රධානතම ව්‍යාපාරික පුරවරයක්ද වෙයි. 500,000 කට ආසන්න ජනකායක්, පොලිසීය හා අනෙකුත් ආරක්ෂක සේවාද සහිතව නගරයෙන් පලා ගිය අතර ISIS සංවිධානය Mosul හි බැංකු වලින් ඇමරිකානු ඩොලර් මිලියන 425 කට ආසන්න මුදලක් කොල්ලකන ලදී. මුස්ලිම් නොවන ජනතාව අනිවාර්යෙන් ඉස්ලාම් ආගම වැළදගත යුතු බවට බල කිරීම නිසා අතිවිශාල මුස්ලිම් නොවන ජනකායක් ISIS පාලන බල ප්‍රදේශයෙන් ඉවත්ව ගිය අතර එසේ පලා ගිය අයගේ සියලු දේපල ISIS ත්‍රස්තයන් විසින් පැහැරගන්නා ලදී.

මේ වනවිට ISIS සටන්කාමින් අල්ල ගෙන ඇති බිම් ප්‍රමාණය දල වශයෙන් මහා බ්‍රිතාන්‍ය තරම් වේ. මොවුන් අල්ලාගෙන ඇති බිම් වල ඇති තෙල් විකිණීමෙන් ඔවුන් විශාල ධනස්කන්දයක් උපයයි. තවද මේම මුදල් යොදවා ඔවුන් අවි ආයුධ මිලට ගනිමින් පවත්. මේ මුදල්වලට අමතරව කප්පම් හා බඩු මුදල් වශයෙන් එකතු කිරීමෙන් මසකට ඇමරිකානු ඩොලර් මිලියන 10 ක පුදලක් එකතුකරගන්න බවද වාර්තා වේ.ISIS ත්‍රස්තයන් තම පාලනයේ ඇති ප්‍රදේශ වල භීෂණය හා ප්‍රචණ්ඩත්වය මෙන්ම භීතිය වපුරවාලන අතර පාසල් සියල්ලම ඔවුන්ගේ ප්‍රචණ්ඩ චින්තනය දරුවන්ට ඉගැන්වීම සදහා යොදාගෙන ඇත. ස්ත්‍රී දූෂණ, ඝාතනය කිරීම් හා අඩු වයසැති දරුවන් විවාහ කරවීම් මෙන්ම විකිණීම්ද සාහසික ක්‍රියා ගොන්නට එක් වී ඇත. ප්‍රචණ්ඩත්වය හා භීෂණයට අමතරව ISIS සංවිධානය තම ත්‍රස්ත ක්‍රියා ප්‍රචාරය කිරීමට හා තරුණයන් තම සංවිධානයට බදවා ගැනීමට අන්තර්ජාලය හා සමාජ වෙබ් අඩවි බහුල ලෙස භාවිතා කරති. අන්තර්ජාලය හරහා ඔවුන්ගේ සාහසික මිනිස් ඝාතන වීඩියෝ ලොව පුරා ප්‍රචාරය කරන ඔවුන් තම on line සගරාව වන Dabiq හරහා මුස්ලිම් ජනකාය තමා වෙත ඇද ගැනීමට උත්සහ කරති. Twitter’ whatsApp හා Facebook හරහා තම සංවිධානයට සෙබලුන් එක්රැස් කරගැනීමට කටයුතු කරන ඔවුන්, එසේ සම්බන්ධ වන්නන් හට මුදල් ත්‍යාග, නිවාස පහසුකම් හා ස්ථීර වැටුපක් ලබා දෙන බවට පවසා සිටිති. ISIS සංවිධානය දිනකට Tweets 90,000 ක් පමණ නිකුත් කරනු ලබන බව ප්‍රකාශ වී ඇති අතර 2015 දී Twitter හා Youtube Hack කිරීමටද සමත් වූ බව හෙළි වී ඇත.
SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

0 comments:

Post a Comment

ලිපි පෙළගැස්ම