app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

සෙබළුන්ගේ අධි තාක්ෂණික උපකරණ

අද දියුණු රටවල සෙබළුන් තමන්ගේ මෙහෙයුම් වලද විවිද අධි තාක්ෂණික උපකරණ භාවිත කරයි. මේවා සමහරක් අපි සෙල්ලම් කරන ගේම් වල තියෙන ඒවා වගේ. අපි සෙල්ලම් කරන modern warfare වැනි ගේම් වල තියෙන ඒවා දැන් ඇත්තටම පාවිච්චි කරනවා.



land warrior මේකෙන් පුළුවන් තමන්ගේ කණ්ඩායමත් එක්ක වීඩියෝ සමග සම්බන්ද වෙන්න මේ නිසා අනිත් අයට පෙන සතුරු ඉලක්කත් කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ට බලාගන්න පුළුවන්. රේඩියෝ ට්‍රාන්ස්මීටර් එකක් වීඩියෝ ට්‍රාන්ස්මීටර් එකක් හෑ gps උපකරණයක් මේකේ තියෙනවා. ඔක්කොගෙම බර කිලෝ 7.5 පස්සේ මේක බර වැඩි හින්දා අයින් කරා. නමුත් බර අඩු කරලා ඒ කිව්වේ කිලෝ 4.1 ක උපකරණයක් දැන් පාවිච්චි කරනවා.

Wrist – mounted display මේ විදිහට උපකරණ වැඩි වෙන කොට බර වැඩි වෙනවනේ. ඒ හින්දා මේ හින්දා hp සමාගම කුඩා නම්‍යශීලි බහුකාර්ය පරිගණකයක් නිපද වීමට කටයුතු කරනවා. වැලමිටයි මැණික් කටුවයි අතර ප්‍රද්ශයේ තමා මේක පලදින්නේ. ග්රෑම් 223 ක් බර වෙන මේක නම්‍යශීලි තිරයක් තමා තියෙන්නේ නම්‍යශීලි ප්ලාස්ටික් වලින් නිමවා තියෙනවා. වතුර යන්නේ නෑ හැප්පීම් දුවිලි වලට ඔරොත්තු දෙනවා. අඩුබල තිරයක් නිසා බැටරිය දිගු කාලයක් පවතිනවා. මෙය නිපදවූ පසු සිතියම් මූලස්ථානයෙන් ලැබෙන පණිවිඩ, වීඩියෝ දත්ත රේඩියෝ පණිවිඩ අවි ඉලක්ක කිරීම් දත්ත හා තවත් ප්‍රයෝජන අතිවිශාල ප්‍රමාණයක් සෙබලෙකුගේ අතටම ලැබෙනු ඇත. එසේම මෙය හරහා ජංගම දුරකථනයක, Tab එකක හා රූපවාහිනියක කාර්යද ඉටුකර ගැනීමට සෙබලුන්ට හැකිවනු ඇත.


මේම උපකරණ විදුලියෙන් ක්‍රියා කරන නිසා සෙස්බලාට නිතරම ආරෝපිත් බැටරි ලඟතබා ගැනීමට සිදුවේ බැටරි නැවත ආරෝපණය කිරීමට මුලස්තනයටම පැමිණීමට සිදුවේ. මේ නිසා මෙයට විසඳුමක් විදියට ජර්මානු සමාගමක් M- 25 Fuel Cell නමින් අලුතෙන් බැටරියක් නිපදවලා තියෙනවා. මේකට පය 72 ක් එක දිගට වොට් 25ක බලයක් දෙන්න පුළුවන් තව අවශ්‍ය ඕනෑම මොහොතක ක්ෂණයකින් වොට් 200ක බලයක් දෙන්නත් පුළුවන්.බර කිලෝ 2 අඩුයි.



තව පුදුම හිතෙන දෙයක් තමා මේ හැම සෙබළෙක්ම iphone ipad android ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරනවා. මෙහෙයුම් වලදී මේ සාම ෆෝන් එකක්ම මහජනයා භාවිත කරනවා ඇත්තටම මවා කුඩා පරිගණක වගේනේ ඉතින් ඒ නිසා මේවාට විවිද වූ ඇප්ස් වර්ග දාගෙන විවිද වැඩ කරගන්නවා. භාෂා පරිවර්තනය. කාලගුණ විස්තර වගේ ඒවා.තව ස්නයිපර් තුවක්කු කරුවන් වාතයේ ආද්‍රතාව සුළගේ වේගය වගේ දේවල් මේ හරහා සොයා ගන්නවා.gps මගින් ස්ථාන සොයාගන්නවා..


SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

0 comments:

Post a Comment

ලිපි පෙළගැස්ම