app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

මුලික බල

දැනට විද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇති පරිදි විශ්වයේ ඇති සියලුම දේ වල පවත්වම හා ක්රියාකරිත්වය  මුලික  බල හතරක බලපෑම් යටතේ සිදුවන බව සොයාගෙන ඇත. මේවානම් ප්‍රභල බලය, විද්‍යුත් චුම්භක බලය, දුබල බලය, ගුරුත්වාකර්ෂණය යන බල වේ.

ප්‍රභල බලය :- පරමාණුක න්‍යෂ්ටි තුල ප්‍රෝටෝන හා  නියුට්‍රෝන එකට බැඳ තබන්නේ ප්‍රභල බලය මගිනි.මෙය ප්‍රෝටෝන දෙකක් අතර පවතින ස්ථිතික විද්‍යුත් විකර්ශනයට වඩා ඉතාමත් බලවත් වූ ආකර්ෂණ බලයකි. ප්‍රෝටෝන දෙකක් අතරේද නියුරෝන දෙකක් අතරේද ප්‍රෝටෝනයක් හා නියුට්‍රෝනයක් අතරේද පවතින්නේ මේ බලයි. මෙම බලය ඉතාමත් ප්‍රභල වන්නේ අංශු ලඟින් පිහිටන තරමටය.මේ අංශු අතර පරතරය 1fm - 3fm අතර නම් ආකර්ෂණ බලය ඉතා බ්ප්‍රභාල වේ. මේ දුර වැඩි වූ විට එම බලය ඉතා අඩුවී ශුන්‍ය වී යයි.

විද්‍යුත් චුම්භක බලය. :- විද්‍යුත් ආරෝපණ ඇති ඕනෑම අංශු දෙකක්  අතරේ මේ බලය ක්‍රියා කරයි. පරමාණුවක ඉලෙක්ට්‍රෝන නෂ්ටියට ආකර්ෂණය  වී  පවතින්නේද පරමාණු එක්වී අනු සාදිමේදීද අන්තර් අනුක භන්ධන සෑදීමේදී ක්රියාකරන්නේද මේ බලය වේ.

දුබල බලය :- මෙය විද්‍යුත් චුම්භක බලයට වඩා අඩු ප්‍රභල තාවයකින් යුත් බලයකි.න්‍යෂ්ටි වල සිදුවන බීටා විකිරනශීලි තාව සඳහා බලපායි ඉලෙක්ට්‍රෝන හා නියුට්‍රිනෝ  අතර (ලේප්ටෝන ක්හාන්දයේ අංශු  අතර) අන්තර් ක්‍රියා සිදු වන්නේද මෙම බලය නිසාය.

ගුරුත්වාකර්ෂණ බලය.:- ස්කන්ධය සහිත ඕනෑම වස්තු දෙකක් අතර ඇතිවන බලය වේ. ග්‍රහලෝක තාරක මන්දාකිනි ආදී දේවල පැවැත්ම තහවුරු වී තියෙන්නේ ගුරුත්වාකර්ෂණ බලය නිසාය. බලයන් අතර අඩුම බලයක් ඇති බලය වුවත් පෘතුවියේ ගුරුත්වාකර්ෂණ බලය සැලකිය යුතු තරම් විශාල වේ.

SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

0 comments:

Post a Comment

ලිපි පෙළගැස්ම