app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

ඊ බෝම්බ E BOMB

ඊ බෝම්බ මේවා පිපිරීමෙන් ලොකු විනාශයක් ඇතිවෙනවා. සමහර වෙලාවට ඩොලර් මිලියන ගණනක නත්නම් බිලියන ගණනක වගේ පාඩුවක් වෙන්න පුළුවන්. එත් මේවගෙන් නම් මිනිස්සු මැරෙන්නේ නෑ වෙන්නේ විදුලි උපකරණ මැරෙන එක.


e bomb මේ නම දිග ඇරියාම එන්නේ electromagnetic bomb කියන එක. එනම් මේම බෝම්බය විද්‍යුත් චුම්බහ තරංග පිටකරන බෝම්බයක්. මේවා යුද්ද කටයුතු වලට භාවිතා කිරීමට නිර්මාණය කල ඒවා වේ. මේවගෙන් සතුරන්ගේ ඇති සියලුම විද්‍යුත් තාක්ෂණික අවි උපකරණ ක්‍රියා විරහිත කිරීමට හැකියි.

මේවා පුපුරා ගියාම කිසිදු ශබ්දයක් නිකුත් නොවන අතර පිටවන්නේ ඇසට නොපෙනෙන චුම්බක තරංගයි. ඊ - බෝම්බයකින් නිකුත් කෙරෙන විද්‍යුත් චුම්බක ස්පන්දක මගින් හානි කළ හැකි හෝ අකි‍්‍රය වියහැකිඋපකරණ වන්නේ අන්තර් පරිපථ, මධ්‍යම සැකසුම් ඒකක, සිලිකන් චිප, ට්‍රාන්සිස්ටර, රික්තක නාළ හෙවත් ත’මයන කපාට, පේ‍්‍රරක, මෝටර ආදියයි. කෙසේ වෙතත් මේ මගින් හානි සිදුවන්නේ විද්යුත් චුම්බකත්වයට සංවේදී උපකරණවලට පමණයි. පැරණි රික්තක නාළ ඇතුළත් පද්ධතිවලට මෙයින් හානියක් සිදු වන්නේ නැහැ.එසේ ම විද්‍යුත් චුම්බක ස්පන්දකවලට සංවේදී මෙවලම් බිඳ නොවැටී බේරා ගැනීමට නම් ඒවා වටා ‘ෆැරඬේ ආරක්ෂක කූඩුවක්’ යෙදිය යුතු යැයිජනා කර තියෙනවා. මේ ආරක්ෂක කූඩුව තැනෙන්නේ ඇලූමීනියම් ලෝහ තහඩුවලින්. ඒත් ඒ ක්‍රමයෙන් පරිගණක පද්ධති රැක ගත හැකි වේයැයි සිතන්න බැහැ. ඒ පරිගණකවලට බලය සපයන රැහැන් හෝ ඇන්ටෙනා මගින් මේ බෝම්බයෙන් නිකුත් කෙරෙන විද්‍යුත් චුම්බක ස්පන්දකවලට ඇතුළු විය හැකි වන නිසයි. මේවා අයත් වන්නේ තුන්වන නෂ්ටික බෝම්බවලටයි.





SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

2 comments:

  1. ගොඩක් වැදගත් දේවල් තියන Blog 1ක් මචෝ. දිගටම කරගෙන යන්න Good Luck!!!!!

    ReplyDelete

ලිපි පෙළගැස්ම