app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

ඉසුරුමුණියේ තාරකා දොරටුව... පොඩ්ඩාගේ අදහස්



මධ්යයේ ඇති වළලු වලින් දැක්වෙන්නේ සූර්යග්රහ මණ්ඩලයයි. එසේම ඊට වයඹ දෙසින් දැක්වෙන වළලු වලින් දැක්වෙන්නේ "ඇල්නිලම්" ග්රහලෝකය සහිත ග්රහ මණ්ඩලයයි. (වෛදික ජ්යොතිෂ්යවේදී කාංචන ගීත මනමේන්ද්ර මහතාගේ ලිපි කියවා ඇත්නම්, "ඇල්නිලම්" යනු රාවණා රජතුමා පැමිණි ග්රහලෝකය බව ඔබ දැනටමත් දන්නවා ඇති.) ඉන් පසුව සූරග්රහ මණ්ඩලයට වයඹ දෙසින් පහලින් දැක්වෙන්නේ කළු කුහරයකි. සූර්යග්රහ මණ්ඩලයට ඈතට වීමට දෙපසින් ද එවැනි කළු කුහර දෙකක් තිබේ. ඊට අමතරව තාරකා දොරටුව වටා ඇති වළල්ලේ ඇති රූප වලින් (මීන, වෘෂභ, කටක, කුම්භ) දැක්වෙන්නේ තාරකා රාශීන්ය. කාලාත්රය හරහා යාමේදී මීන රාශිය බොහෝ විට හමුවෙන බැවින් එය කිහිප තැනකම දැක්වෙයි. සූර්යග්රහ මණ්ඩලය අවටින් ඇති කතිරයක් සහිත බෝල වලින් දැක්වෙන්නේ රාවණා රජතුමා විසින් පිහිටුවන ලද අභ්යවකාශ මධ්යස්ථානයන්ය. (ලෝකයේ මුල්ම අභ්යවකාශ මධ්යස්ථාන හදා ඇත්තේත් රාවණා රජතුමාම බව එමගින් පැහැදිළි වෙයි ). එම මධ්යස්ථානයන් විශ්ව නිරීක්ෂණ ආයතන ලෙස වැඩ කරන අතර අවශ්ය වුවහොත් අභ්යවකාශගාමී හෙළයින්ට ඒවාට ගොස් පදිංචි වීමටත් පුළුවන.

ඉසුරුමුණියේ ඇති තාරකා දොරටුව බහුකාර්ය මෙවලමකි. එය තාරකා දොරටුවක් වීමට අමතරව, පෘථිවියේ ශක්ති කේන්ද්ර පරිපථයක් ලෙසත් ක්රියාත්මක කරයි. ඉසුරුමුණි තාරකා දොරටුවේ ඇති අනික් විශේෂත්වයනම් දැක්වුම් නිවස්න උපකරණය (Dial-Home Device) පිහිටා තිබෙන්නේ එහි මතුපිටම වීමයි. එනම් ඉසුරුමුණි තාරකා දොරටුව ස්පර්ෂ කිරීමෙන් ගමනාන්තය සඳහා අවශ්ය විධානයන් දැක්වීමට පුළුවන්. එනම් එය Touch Pad එකකි. ඒ අනුව ලෝකයේ මුල්ම Touch Pad එක හදා තිබෙන්නේ රාවණා රජතුමා විසින්ම බව පැහැදිළි වෙයි.



SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

0 comments:

Post a Comment

ලිපි පෙළගැස්ම