app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

නියුට්‍රිනෝ neutrino


නියුට්‍රිනෝ කිව්වම ඉස්සෙල්ලාම මොකක්ද මතක් වෙන්නේ?? මටනම් මතක් උනේ අර චන්ඩි ෆිල්ම් එකක් වගේ ගියේ. අන්න එකේ බිංදුගේ තාත්ත හදන නියුට්‍රිනෝ කියන ඉන්ධනේ ගැන එක පෙවුනට පස්සේ බින්දුට මොලේ හම්බුනානේ, දැන් බලමු නියුට්‍රිනෝ කියන්නේ මොකක්ද කියලා

නියුට්‍රිනෝ, මේක මුලික අංශුවලින් එකක්. පුදුමාකාර ඉතාම විකාර අංශුවක් තමා නියුට්‍රිනෝ කියන්නේ. දැන්  බලමු නියුට්‍රිනෝවල විස්තර.

නියුට්‍රිනෝ වලට ස්කන්ධයක් නැති තරම්. ඒ කියන්නේ ඉතාම කුඩා ස්කන්ධයක් තමා නියුට්‍රිනෝ වලට තියෙන්නේ. විද්‍යුත් වශයෙන් උදාසීන වෙනවා වගේම මේ අංශුවට ආලෝකයේ වේගයෙන් නිදහස් අවකාශයේ  ගමන් කරන්න පුළුවන්. මේක තමා හොඳ ම එක නියුට්‍රිනෝ වල තියෙන. නියුට්‍රිනොවකට ඕනෑම පදාර්තමය කොටසක් හරහා කිසිම අන්තර් ක්‍රියාවක් සිදු නොකර ගමන් කරන්න පුළුවන්. මේ හින්දම නියුට්‍රිනෝ ගැන විස්තර සෙවීම ඉතාමත්ම අපහසු කටයුත්තක් වෙලා තියෙනවා.

විශ්වයේ ආරම්භ වීමේ මහා පිපිරීමෙන් පසුව තත්පර දෙකකට පසු හටගත් නියුට්‍රිනෝ පසුබිම අද දක්වාම පවතින බවත් එහි උෂ්ණත්වය  1.95 K පමණ වන බවත් විවිද පර්යේෂණ වලින් සොයාගෙන තියෙනවා. මෙම අදුශක්ති නියුට්‍රිනෝ  වෙනත් පදාර්ථ සමග  අන්තර් ක්‍රියා කරන්නේ ඉතාමත් සුළු වශයෙන් වන නිසා මේවා අනාවරණය කර ගැනීම ඉතාමත් අපහසු වෙලා තියෙනව.එහෙත් අනියම් පර්යේෂණ මගින් ඒවායේ පැවැත්ම තහවුරු කිරීමට තාරකා විද්ග්නයන්ට හැකි වෙලා තියෙනව. මහා පිපුරුමෙන් පසුව මුළු විශ්වයම සමන්විත විතිබුනේ එකිනෙක අතර තාපජ සමතුලිත තාවයේ පවතී  ඉලෙක්ට්‍රෝන පොසිට්‍රෝන හා ෆෝටෝන වලිනි.විශ්වයේ උෂ්ණත්වය 1 MeV වූ පසු සෙසු පදාර්ථ වලින් වෙන්වූ නියුට්‍රිනෝ අද දක්වාම අඩු ශක්ති නියුට්‍රිනෝ ශ්‍රාවය ලෙස  විශ්වය පුරාම විහිදී පවතී.

ඇතැම් විකිරණ ශීලි න්‍යෂ්ටි ක්ෂය වීම මගින්ද සුර්යයා හා තාරකා වල සිදුවන තාප න්‍යෂ්ටික ප්‍රතික්‍රියා මගින්ද න්‍යෂ්ටික ප්‍රතික්‍රියා කාරක වල සිදිවන ප්‍රතික්‍රියා වලින්ද, අන්තරීක්ෂ කිරණ පෘතුවි වායුගෝලයේ වායු අනු සමග ගැටී ප්‍රතික්‍රියා කිරීමෙන්ද නියුට්‍රිනෝ අංශු උත්පාදනය වේ. නියුට්‍රිනෝ අංශු වර්ග තුනක් හා ප්‍රති නියුට්‍රිනෝ වර්ග තුනක් වශයෙන් වර්ග හයක් තියෙනව. මේවා නම් එලෙක්ට්‍රෝන නියුට්‍රිනොව  මියුඔන නියුරිනොව, සහ ටො නියුට්‍රිනොව වශයෙනි. මේවාගේ ප්‍රති නියුට්‍රිනොද මේ නම් වලින්ම හැදින්වේ.. මේ සියලුම නියුට්‍රිනෝ අංශු ලේප්ටෝන ගණයට අයත්වෙන අතර  මේවා ප්‍රතික්‍රියා වලට දායක වන්නේ දුබල බලය හරහාය.



සාමා තත්පරයකදීම සුර්ය නියුට්‍රිනෝ බිලියන 65 පමණ සෑම වර්ග සෙන්ටිමිටරයක් හරහාම ගමන් කරන බවට අනාවරණය කරගෙන ඇත.අපේ ශරීරය හරහාද මේ සුර්ය නියුට්‍රිනෝ ගමන් කරනවා. එහෙත් ඒවා අපට නොදැනෙන්නේ  සෑම පදාර්ථයක් වගේම අපිත්  නියුට්‍රිනෝ වලට පාරදෘෂ නිසාය. කොච්චර නියුට්‍රිනෝ ප්‍රමාණයක් අපේ අංග හරහා ගියත් ඒවා උදාසීන නිසා මෙන්ම ඉතා කුඩා අංශු නිසා ඒවගෙන අපිට කිසිදු බලපෑමක් වෙන්නේ නෑ.

නියුට්‍රිනෝ අංශු අනාවරක භුගතාවය. මෙයට හේතුව වන්නේ බාහිර පරිසරයෙන් ඇතිවන බලාපෑම අවම කර නියුට්‍රිනෝ පමණක් මේ අනාවරක වලට පැමිණීමට අවශ්‍ය නිසාය.

පිටසක්වලින් අපේ පෘතුවියට පැමිණෙන (අන්තරීක්ෂ කිරණ හරහා ) අන්තරීක්ෂ නියුට්‍රිනෝ අංශු අනාවරණය කර ගැනීම උදෙසා රේමන්ඩ් ඩේවිස්  හා මසටෝස්ශි කොශිබා යන දෙදෙනාට 2002 වසරේදී භව්තික විද්‍යාවට හිමිවන නොබෙල් තාගය හිමිවිය.




නියුට්‍රිනොව ඉතාමත් කුඩා වුවත් විද්‍යුත් වශයෙන් උදාසීන වුවත් අධි ශක්ති නියුට්‍රිනෝ වකට ඉතාමත් කලාතුරකින් ක්ලෝරීන් පරමාණුවක් සමග අන්තර් ක්‍රියා කර එය විකිරණ ශීලි  ආර්ගන් පරමාණුවක් බවට පත් කරන්න පුළුවන් මේ පිළිබඳව රේමන්ඩ් ඩේවිස් නම් තාරකා විද්‍යාඥයා විසින් අපුරු පරීක්ෂණයක් සිදු කළා. ක්ලෝරීන් අඩංගු පිරිසිදු කිරීමට ගන්න ද්‍රව්‍යයකින් ගැලුම් දස දහස් ගණනක් පිරවූ විශාල ටැංකියක් කාන්තාරයක තිබෙන හිස්වූ රත්තරන ආකාරයක් තුල භූ ගතව තබා එයට විකිරනශීලි ආර්ගන් සොයාගතහැකි අනාවරකයක්ද සවිකළේය. පෘතුවියට නිරන්තරයෙන්ම පැමිණෙන අන්තරීක්ෂ නියුට්‍රිනෝ අංශු ගණනාවක් භූගත ටැංකිය හරහාද ගමන් කරයි, මොහුගේ පර්යේෂණය වුයේ මේ ගමන් කරන නියුට්‍රිනෝ වල අධි ශක්ති නියුට්‍රිනොවක් තිබුනේනම් එය මේ ඇති ක්ලෝරීන් පරමාණුවක් සමග ප්‍රතික්‍රියා කර විකිරණ ශීලි ආර්ගන් වායුවක් නිෂ්පාදනය වීම සිදුවුවහොත් අනාවරකය මගින් දන ගැනීමයි. මෙම ආර්ගන පරමාණුවක් බවට පත්වීමේ සම්භාවිතාව ඉතාමත් අල්පයි. කෙසේවෙතත් දින දෙකකට පමණ වරක් එක නියුට්‍රිනොවකින් එක ආර්ගන් පරමාණුවක් බවට පත්වෙන බව සොයා ගන්න ලදී.

සව්රග්‍රහ මණ්ඩලයේ පිටත වූ ප්‍රභවයකින් පැමිණි නියුට්‍රිනෝ අනාවරනා කරගැනීම 1987 ඩි මසටෝෂි කොශිබා විසින් සිදුකරන ලදී. ඒ මෙවැනිම පර්යේෂනයකිනි. ජපානයේ පතලක් තුල ජලයෙන් පිරවූ විශාල ටැංකියක් තබා ආලෝක වර්ෂ 170000 කට ඈතින් පිපිරුණු සුපර් නොවා වකින් පිටවුනු නියුට්‍රිනෝ 10 ^58 තරම් ප්‍රමානයකින් පෘතුවියට ළඟාවූ 10^16 ප්‍රමාණයෙන් 12 ක් පමණ සුළු ප්‍රමාණයක් මේ හරහා ගමන් කල බව මොහු සොයා ගන්න ලදී. මෙම පර්යේෂණය සව්රග්‍රහ මණ්ඩලයේ පිටතින් පැමිණි නියුට්‍රිනෝ අනාවරණය කරගත් ප්‍රථම පර්යේෂණය වේ.

ලෝකයේ අහි නියුට්‍රිනෝ අනාවරක වලින් ඇමරිකාවේ 1.5km ගම්බ්‍රක පිහිටා ඇති හෝම් ස්ටෙක් අනාවරකයද, කැනඩාවේ පිහිටා ඇති  2 km ගැඹුරේ ඇති නියුට්‍රිනෝ අනාවරකයද ජපානයේ කමියෝ කන්දේ හි පහිටි නියුට්‍රිනෝ අනාවරකයද ප්‍රධාන තැනක් ගනී. පහල රුප වල ඇත්තේ මේ අනාවරක වල චායාරුප වේ.




මේ දැක්වෙන්නේ කැනඩාවේ ඇති නියුට්‍රිනෝ අනාවරකයේ ඇත්තේ බර ජලය ටොන් 1000  කි.(D2O) මෙමගින් නියුට්‍රිනෝ අනාවරණය කරගන්නේ මේ පරිදිනි. සුර්ය නියුට්‍රිනොවකට බර ජලයේ  ඇති d2 නෂ්ටියක් සමග ප්‍රතික්‍රියා කර ෆෝටෝනයක් නිපද වීමට පුළුවන. එහෙත් මෙම ක්‍රියාව සිදුවන්නේ ඉතාමත් කලාතුරකින් නිසා නියුට්‍රිනෝ අනාවරණය කරගැනීම ඉතාමත් අපහසුය. මෙය 2 km පොලව අභාන්තරයේ පිහිටා ඇත.



මෙම රුප වලින් දැක්වෙන්නේ හෝම් ස්ටෙක් අනාවරකයයි. මෙය 1.5 km අභාන්තරයේ පිහිටා ඇත.



මේ රූපවල දැක්වෙන්නේ ජපානයේ ඇති කමියෝකොන්ඩේ අනාවරකයයි මෙය ජපාන ඇමරිකා ඒකාබද්ධ පර්යේෂණ කි. මෙහි ජලය ටොන් 50000 ක් අඩංගු භූගත ජල ටැංකියකි.ටැංකියේ බිත්ති වල ප්‍රකාශ ගුණක බට 13000ක් පමණ සවි කර තියෙනවා. මේ හරහා යන නියුට්‍රිනෝ අංශු 10 ^16 පමණ ප්‍රමාණයකින්  කිහිපයක් හෝ ජල අනු සමග අන්තර් ක්‍රියා කර  චෙරෙන්කොව් විකිරණය පිට ෆෝටෝන ලෙස පිට කරයි නම් ඒවා ඉතා කුඩා ලෙස ආලෝක ස්පන්ද ඇති කරයි. මෙහි ඇති  ප්‍රකාශ ගුණක බටවල සංවේදීතාව ඇති වීම නිසා ඒවා අනාවරණය කරගත හැක.

නියුට්‍රිනෝ පිටසක්වලින් ද එන නිසා නියුට්‍රිනෝ තාරකා විද්‍යාව ලෙස වෙනම විශයක්ද පවතිනවා.


SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

0 comments:

Post a Comment

ලිපි පෙළගැස්ම