app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

දියවන්නාවේ බක බක ගානා ගෙම්බෝ ගොඩයි

පට්ටම පට්ට සින්දුවක් තමා ඇත්තම ඇත්ත සීන් එක ලෙසටම කියලා තියෙනවා අහලා බලන්නකෝ lyrics ටික පහල තියෙනවා වීඩියෝ එකත් තියෙනවා



දියවන්නාවේ බක බක ගානා ගෙම්බෝ ගොඩයි
කනබොන ඉඳුම්හිටුම් නැති දුප්පත් ගෙම්බෝ රැලයි
ඒ දුප්පත් ගෙම්බන් සුරන් කන පොලිටික් ගෙම්බොයි
නිල් පාටයි සමහරු කොළ පාටයි
මොන පාටින් හිටියත් අනුන්ව සුරන් කයි

දියවන්නාවේ බක බක ගානා ගෙම්බෝ ගොඩයි
වැස්සටවත් පාසලක් දැක්කේ නැති මැටි ගෙම්බොයි
නිල්  පාටින් දුටු ගෙම්බන් හෙට දවෙනකොට කොළ පාටයි
මුණ ලොකුයි අලි බඩ  ගෙඩියයි
කිසි වැඩකට නැති උන් බොරුවෙන් ජිවත් වෙයි

දියවන්නාවේ බක බක ගානා ගෙම්බො ගොඩයි

දියවන්නාවේ බක බක ගානා ගෙම්බෝ ගොඩයි
බලයෙන් මත වී නිතිය අතගත් ඉස්ගෙඩියොයි
 පොලිටික් ගෙම්බන් පස්සේන යන කළා ලොවේ ගෙම්බෝයි
උන් සින්දු හදය පැන පැන  කඩේම යයි
මොන දේවල් කෙරුවත් අකුසල් පස්සෙන් එයි

සුරන් කන උන් ඌරං වන බව දහමේ ලියවී යයි
ලෙඩ දුක් හැදිලා පිස්සන් වීලා කල කම් පව් පලදෙයි
ඇස පනාපිටම දිට්ට ධම්ම වේදනීය කරුමය වෙයි

දියවන්නාවේ හොඳ වැඩ  කරනා ගෙම්බෝ ටිකයි
උන් හැමදාමත් වෙහෙසෙන්නේ අනුන්ගේ දුක ගැනමයි
දකින්නේ කියන්නේ කරන්නේ ඇත්තම ඇත්ත තමයි
උන් පින් පාටයි කරන්නේ හොඳ වැඩමයි
ආයෙත් ඉපදෙන්නේ උන් දිවිය ලෝකයේ මයි

SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

0 comments:

Post a Comment

ලිපි පෙළගැස්ම