app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

direct X තාක්ෂනය

direct x කියන්නේ පරිගණක තාක්ෂනය ආ ආශ්‍රිත බහුමාද්‍ය කටයුතු සඳහා සඳහා වින්ඩොව්ස් මෙහෙයුම් පධතියට සහය දක්වන මෘදුකාංග එකතුවකි. මේකේ ප්‍රධාන කාර්යයක් වනේ පරිගණක ක්‍රීඩා සම්මතයක් ලෙස ක්‍රියාත්මක කිරීමයි.මේ නිසා පරිගණක ක්‍රීඩා නිර්මාණ කරුවන්ට පරිගණක දෘඩාංග වල ඇති වෙනස්කම් නොසලකා එකම සම්මතයක් යටතේ පරිගණක ක්‍රීඩා නිර්මාණය කරන්න පුළුවන්

පරිගණක ක්‍රීඩා බොහෝමයක් වාගේම මෙහෙයුම් පද්ධතියේ පාලනයෙන් තොරව පරිගණකයේ hardware සමග  තොරතුරු හුවමාරු කරන ක්‍රමලේකනකි . මෙහිදී ග්‍රැෆික් කාර්ඩ් සවුන්ඩ් කාර්ඩ් මවුස් කි බෝර්ඩ් වැනි දේවල් ක්‍රීඩාවේදී සෘජුවම පාලනය වෙනවා.ඒ ක්‍රීඩාවට උපරිම සහය දැක්වීමටයි. මෙහිදී මෙහෙයුම් පද්ධතිය හරහා තොරතුරු ගලායාම සීමිත නිසා මේවා සම්භන්ද කිරීමට direct x  යොදාගන්නවා.

පරිගණක ක්‍රීඩා නිර්මාන කරුවන්ට direct x api  ලෙස නම් කල විශේෂ උපදේශ මාලාවක් ලබා දෙනවා. මෙම උපදේශ මාලාවට අනුකුලව නිර්මාණය කල පරිගණක ක්‍රීඩා direct x මත පහසුවෙන් ධාවනය කල හැකියි.
direct x api මගින් සිදු කරන්නේ direct x ක්‍රියාකරන ආකාරය හා එය විස්සින් ක්‍රියාකරන හා ක්‍රියාත්මක වන උපදෙස් මොනවාද කියා ක්‍රමලේකන ශිල්පීන්ට දැනුම් දීමයි.

direct x පද්ධතියට උප පද්ධති කිහිපයකට බෙදෙනවා.

direct 3D :- තිමාන ග්‍රැෆික් හස්රවිමේ කටයුතු

direct draw :- ද්විමාන ග්‍රැෆික් සඳහා මුලධි භාවිත කරලා තියෙනවා. දැන් භාවිතයෙන් ඉවත්ව යමන් පවතිනවා.

direct 2 D :- direct draw වෙනුවට භාවිත වන තාක්ෂනය.

direct write :- ෆොන්ට් සම්බන්ධ ග්‍රැෆික් කටයුතු සිදුකිරීම.

direct sound :- ශබ්ධ ගොනු record කිරීම හා ධාවනය කිරීම.

direct play :- පරිගණක ජාල සමග තොරතුරු හුවමාරු කරමින් පරිගණක ක්‍රීඩා මල්ටිප්ලේ ආකාරයෙන් 
ක්‍රියාත්මක කිරීම.

direct input :- කීබෝර්ඩ් මවුස් වැනි උපකරණ පාලනය කිරීම. 

direct x මුලිඔන්ම පැමිණියේ windows 95 සමගය. ඒ dos මත ධාවනය වූ windows මෙහෙයුම් පධතිය වෙනමම ධාවනය වීමට නිර්මාණය ක්රිමෙනි. එහිදී dos මත  ක්‍රියාත්මක වූ ක්‍රීඩා 95 වලදී ක්‍රියාත්මක නොවුනි. ඒ dos මෙන් පරිගණකයේ දෘඩාංග සමග සෘජුව සම්බන්ද වීමට නොහැකි වූ නිසාවෙනි මේ නිසා Microsoft සමාගමේ ක්‍රමලේකන ශිල්පින් direct x නිර්මාණය කළේය.ඒ 1995 සැප්තැම්බර් මාසයේදීය.


windows 10 සමග පැමිණෙන්නේ direct x 12 තාක්ෂණයයි.මෙම තාක්ෂනය මගින් ග්‍රැෆික් කාර්ඩ් කිහිපයක් සම්භන්ද කිරීමේ හැකියාව තියෙනවා. දෘඩාංග ඉතා හොඳ මට්ටමේ පවතිනවානම්. 4k පරිගණක ක්‍රීඩා පවා ධාවනය කිරීමට හැකි වෙයි.

ඔබගේ පරිගණකයේ ඇත්තේ කුමන direct x සංස්කරණය ද කියා බලා ගැනීමට රන් වින්ඩෝවේ dxdiag ලෙස ටයිප් කර enter කරන්න. එවිට එන වින්ඩෝවේ direct x ගැන තොරතුරු ඇත. දෘඩාංග වල තොරතුරුත් ඇත.

SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

0 comments:

Post a Comment

ලිපි පෙළගැස්ම