app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

කාලය හරහා යන්න පුලුවන්ද ???? පොඩ්ඩාගේ අදහස්



අයින්ස්ටයින් කියල තියෙනව අපිට ආලෝකයේ වේගයෙන් යන්න පුලුවන් නම් අපිට කාලය 
හරහා යන්න පුලුවන් කියල. ඒ කතාව ඇත්ත. ඒත් යන්න පුලුවන් අතීතයට විතරයි. ඒත්
වෙන්නෙ අතීතය දකින්න පුලුවන් වෙන එක විතරයි. තාත්වික ලෝකයට යන්න බෑ. ඒක
වෙන්නෙ මෙහෙමයි.
අපිට යමක් පෙනෙන්නෙ ඒ වස්තුවේ ඉදල එන ආලෝකය අපේ ඇසට ඇතුල් වුනහම. අපිට
පෙනෙන සමහර තාරක තියෙන්නෙ ආලෝක වර්ෂ ගණනාවක් ඈත. අපි හිතමුකො ආලෝක වර්ෂයක්
ඈතින් තරුවක් තියෙනව කියල. ඒක දැන් අපිට පෙනුනට ඇත්තටම පෙනෙන්නෙ මීට
අවුරුද්දකට කලින් ඒ තරුවෙන් නිකුත් වූ ආලෝකය. මොකද ආලෝක වර්ෂයක් ඈතින්
තියෙන නිසා ඒකෙන් නිකුත් වූ ආලෝකය අපේ ඇසට එන්න අවුරුද්දක් ගත වෙනව.ඒ
කියන්නෙ මේ වෙනකොට ඒ තරුව තියෙන්නෙ වෙන කොහෙ හරි.
දැන් අපි ගමු ඔයාගෙ යාලුවෙක් ඔයා ලග ඉන්නව. එයාව ඔයාට පේනව. මුලින්ම අත් දෙක උස්සගෙන ඉදල දැන් අත් පාතට දාල අත් හොලව හොලව ඉන්නව. ඒ කිරණය එයාගෙ ඉදල ඔයා ලගට එන්නෙ ආලෝකයෙ ප්රවේගයෙන්. ඔයා ආලෝකයෙ ප්රවේගයෙන්ම ඒ කිරණය ගමන් කරන දිශාවට ගියොත් ඔයාට පේන්නෙ එයා අත් දෙක හොලවන්නෙ නෑ වගේ. මොකද එයාගෙන් නිකුත් උන කිරණයේ වේගයෙන්ම ඔයා යන නිසා හැම වෙලේම පේන්නෙ එකම රූපය. ඒ වගේම තමා ආලෝකයෙ ප්රවේගයට වඩා වැඩි ප්රවේගයෙන් ඔයා ගියොත් ඊට කලින් එයාගෙන් නිකුත් වෙච්ච කිරණය හමු වෙනව. ඒ කියන්නෙ එයා අත් දෙක උස්සගෙන හිටපු අවස්තාව දකින්න පුලුවන්. ඒ කියන්නෙ ඔයා අතීතයට ගිහින් තියෙනව කියන එකනෙ.


SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

0 comments:

Post a Comment

ලිපි පෙළගැස්ම