app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

රාවන රජතුමා හා තාරකා දොරටු... පොඩ්ඩාගේ අදහස්



සමකාලීන මිසර සහ බැබිලෝනියන් ශිෂ්ටාචාර සමග රාවනා රජතුමා සෘජුවම සබදතා දක්වා ඇත. සුමේරියන්, බැබිලෝනියන් ශිෂ්ටාචාර වලට පිටසක්වල සම්භවයක් ඇති බවත් ලොවම දන්නා සත්යයකි. මහා රාවනා රජුගේ කාල පරිච්ඡේදයෙන්ද මේ හා සමාන පිටසක්වල සම්භවයක් පිළිබදව හෙළි වේ. මේ ශිෂ්ටාචාර සියල්ලක්ම එක හා සමාන කාලයකදී ආරම්භ වී (අහසින් පැමිණි සිංහ මිනිසුන්ගෙන්) එක හා සමාන කාලයක පැවතී එක සමාන කාලයකදී විනාශ වීම පුදුම සහගත සිද්ධියකි. එකී සමකාලීන ශිෂ්ටාචාරයන් එකිනෙක අතර තිබූ සහසම්බන්ධය එමගින්ම පැහැදිළි වෙයි. අප රටේ සිට පිටසක්වල ජීවින් පිළිබද අධ්යනයක් කරන විට, අපට නැතුවම බැරි මූලාශ්රයකි "සක්වල ගල". "තාරකා දොරටුව" , "සක්වළ යතුර" හා "සක්වල චක්රය" ලෙසද හදුන්වනුයේ මෙයම වේ. ඉoග්රීසි බසින් STAR GATE යනුවෙන් හදුන්වයි. තාරකා දොරටුවක් යනු විශ්වයේ ඉතාමත් ඈතින් ඇති ස්ථාන දෙකක් අතර ක්ෂණිකව ගමන් කිරීම සඳහා යොදාගත හැකි දොරටුවකි. එනම් එලෙස ගමන් කරන ස්ථාන දෙකේම තාරකා දොරටු තිබිය යුතුය. එවිට එක දොරටුවකින් ඇතුළු වී අනෙකුත් දොරටුවෙන් පිට වීමට පුළුවන්.

ඉසුරුමුණියේ ඇති තාරකා දොරටුව බහුකාර්ය මෙවලමකි. එය තාරකා දොරටුවක් වීමට අමතරව, පෘථිවියේ ශක්ති කේන්ද්ර පරිපථයක් ලෙසත් ක්රියාත්මක කරයි. ඉසුරුමුණි තාරකා දොරටුවේ ඇති අනික් විශේෂත්වයනම් දැක්වුම් නිවස්න උපකරණය (Dial-Home Device) පිහිටා තිබෙන්නේ එහි මතුපිටම වීමයි. එනම් ඉසුරුමුණි තාරකා දොරටුව ස්පර්ෂ කිරීමෙන් ගමනාන්තය සඳහා අවශ්ය විධානයන් දැක්වීමට පුළුවන්. එනම් එය Touch Pad එකකි. ඒ අනුව ලෝකයේ මුල්ම Touch Pad එක හදා තිබෙන්නේ රාවණා රජතුමා විසින්ම බව පැහැදිළි වෙයි.

SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

0 comments:

Post a Comment

ලිපි පෙළගැස්ම