app එක ඩවුන්ලෝඩ් කරගන්න ( 650KB විතරයි )

කළු කුහර

කළු කුහරයට ඉංග්‍රීසියෙන් කියන්නේ බ්ලැක් හෝල් කියලා. මේවා අභ්‍යාවකාශය තුල තිබෙන ගුරුත්වාකර්ෂණය ඉතාමත් වැඩි ස්ථාන වෙනවා.

මේ අධික ගුරුත්වයට හේතු වෙන්නේ මේ තුල තියෙන අංශු අධික ලෙස තෙරපෙමින් පවතින නිසා. මේ නිසා ඒ වෙතට එන ආලෝකය පවා පරාවර්තනය වෙන්නේ නෑ. ඒ හින්දා මේවා පියවි ඇසින් දැකගන්න බෑ. නිසා මෙව බලාගන්න විශේෂ උඅපකරණ භාවිත කරනවා. මතක විදිහටනම් මේවගෙන් x කිරණ පිට වෙනවා. ඒ හින්දා x කිරණ දුරේක්ෂවලින් බලාගන්න පුළුවන් ඇති.මට හරියටම මතක නෑ.

විද්‍යාඥයන් පවසන විදිහට මේ කු කුහර විවිද ප්‍රමාන වලින් තියෙනවා. විද්‍යාඥයන් කියන විදියටනම් කුඩාම කළු කුහරය පරමානුවකටත් වඩා කුඩා කියලයි. එත් මේවගේ ස්කන්ධය නම් ඉතාමත් වැඩි.

කළු කුහරයක් නිර්මාණය වෙන්නේ අපේ සුර්යයා වගේ හතරගුනයක් හෝ ඊට වැඩියෙන් විශාල තරු මියගියාම. ඒ කියන්නේ අපේ ඉර වගේ හතර ගුණයක් ලොකු තරු මරුනාම තමා කළු කුහර ඇතිවෙන්නේ.

super massive   කියන වර්ගයේ කලුකුහර ඉතාමත් විශාලයි මේවා අපේ සුර්යය වගේ මිනිලයන ගණනක ස්කන්දයක් තියෙනවා. විද්‍යාඥයන්කියන විදියට මේ වගේ කල් කුහර දහස් ගණනක් මේ අපේ මන්දාකිනියේ ඇති කියලා. මේ කිව්ව විදිහේ කළු කුහරයක් අපේ මන්දාකිනිය මැදත් තියෙනවා කියලා විද්‍යාඥයෝ කියනවා. ඒවගේම එම කළු කුහරයේ ස්කන්දය අපේ සුර්යය වගේ මිලියන හතර ගුණයක් විතර වෙනවා කියලත් කියනව.

මේ කළු කුහර තැන තැන ගමන් කරනේ නෑ. ඒ හින්දා බයවෙන්න දෙයක් නෑ. අනික අපේ සුර්යය තියෙන තැන කළු කුහරයක් තිබ්බත් එක අපිට බලපෑමක් වෙන්නේ නෑ කියලා විද්‍යාඥයෝ කියනවා. 




SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

0 comments:

Post a Comment

ලිපි පෙළගැස්ම